ඊයේ ලංකාවට එනවා කියූ ගෝඨා හොරෙන්ම මැලේසියාවට පනී

2020 ජනාධිපති සිහිනයේ උඩින්ම සිටින, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට නැවත මෙරට බලා පැමිණීමට නියමිතව තිබුණේ ඊයේ (22) සන්ධ්‍යාවේදීය. සිංගප්පූරුවෙන් ප.ව. 2.20 ට ගුවන්ගත වන ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් ඔහු මෙරටට පැමිණීම වෙනුවට සිදුකර ඇත්තේ මැලේසියාව බලා ගුවන්ගත වීමයි. ඉන් අදහස් වන්නේ ඔහු තවත් කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටින බවයි.

ඔහුට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලැබුණු දින 45 ක කාලය ඉක්ම යෑම නිසා වෙනත් රටකට ගොස් නැවත සිංගප්පූරුවට පැමිණීමට සිදු වේ. ඔහු මැලේසියාව බලා ගොස් ඇත්තේ ඒ අනුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔහු සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල අසල සුපිරි මහල් නිවාසයක කුළියට ගත් නිවසක සුවසේ කාලය ගත කරන බවයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටියහොත් ඔහුට එරෙහිව ක්‍රියාත්ම වන නඩු ගෝඨාභය රාජපක්ෂ මහතා නොමැතිව විභාගයට ගැනීමට සිදු වනු ඇත.

මේ අතර ගෝඨාභය සිංගප්පූරුව හා මැලේසියාව අතර පියාසර කරමින් සිටින අතරවාරයේ ලංකාවේ අතිශය වැදගත් යමක් සිදුවෙමින් පවතී.

ශිරන්තිගේ ග්‍රහයෝ බලවත් වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමීප ප්‍රකට දෛවඥයන් පිරිසක් ඔහුට දන්වා ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට අතිශය බලගතු රාජ යෝගය පහළ වී ඇති බවයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ අවධානය ඒ වෙත යොමු වී තිබේ. ඔහු ඒ පිළිබඳව දෛවඥයන් සමග තවදුරටත් සාකච්ඡා සිදු කරමින් සිටින අතර අතිශය බරපතල දේශපාලන තීන්දුවක් ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වාර්තා වන පරිදි ශිරන්ති රාජපක්ෂ මහත්මියට රාජ යෝග එකක් පමණක් නොව රාජ යෝග තුනක් එකවර පහළ වී තිබේ.

ඒ අනුව රාජ යෝගය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් තහවුරු වුවහොත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇත. කලෙක පටන් ඇයගේ නම කියවුනද පසුගිය කාලයේදී ඇයට වඩා උඩින් සිටියේ ගෝඨාභය සහ චමල් යන රාජපක්ෂ සොයුරන්ය.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීමේ සම්පූර්ණ බලය මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති බැවින් ශිරන්ති රාජපක්ෂ මහත්මියව නම් කිරීම කිසිදු ගැටලුවක් නොවේ.

කෙසේ වෙතත් එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකාවට නොපැමිණම ඇමරිකාව බලා පිටත්ව යනු ඇති අතර අවසානයේ අනාථ වන්නේ ‘ගෝඨා වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුවද සූදානම්’ ගෝඨා වටා සිටින බලඇණියයි. ඔවුන්ගෙන් ඇතැමුන් මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කර ඇති අතර ඔවුන්ගේ බලාපොරොත්තුව ගෝඨා ජනාධිපති කොට ඔහු යටතේ රජයේ ඉහළම තනතුරු අල්ලා ගැනීමයි.

(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment