දේශපාලන ගේම් එකකට අමාත්‍යාංශය කැඩුවා – සජිත්

නිවාස විෂය කොටස් 6කට කඩා ඇති බවත් එම විෂයන් එක්විය යුතු බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. “ඕනම පුද්ගලයෙකුට, පෙරපාසල් දරුවෙකුට පවා තේරෙනවා නිවාස කියන විෂය තියෙන්නට ඕන එක අමාත්‍යාංශයක් යටතේ. එක අමාත්‍යාංශයක් යටතේ තිබිය යුතු විෂය හයකට කැඩෙන කොට ජනතාව දිශාවන් 6කට දුවන්න ඕන. නගරේ නිවාස වලට එක දිශාවකට දුවනවා. උතුරු නැගෙනහිර නිවාසවලට තව දිශාවකට, ආපදා නිවාසවලට තව දිශාවකට, ධිවර නිවාසවලට තව දිශාවකට, කඳුරට වතු නිවාසවලට තවත් දිශාවකට, ග්‍රාමීය නිවාසවලට අපේ අමාත්‍යාංශය වග කියනවා. ඇයි මේක සිද්ධවුණේ, දේශපාලන ගේම් ගැසීම නිසා.…

ගස් බැඳිමට සූදානම් මර්වින් සිල්වා

කැකිරාව, කලාවැව විජිතපුර බළකොටුවේ කොටසක් සුද්ද  පවිත්‍ර කර ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කරන බව ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, පෙරේදා (27දා) පුරාවිද්‍යා ස්මාරක විනාශ කර  අඹ හා පොල් වගාකළ  ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමිනි. මේ ස්ථානය පිරිසක් අල්ලාගෙන විනාශ කර ඇතැයි මාධ්‍ය මගින් හෙළිදරව් කළ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පොලීසියටද පැමිණිලි කර තිබිණි. මේ වනවිට සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් බන්ධනාගාර ගතකර තිබේ. එළාර දුටුගැමුණු සටන පවතී විජිතපුර බළකොටුව තුල පිහිටි පැරණි රජමාලිගාවක නටබුන් මෙසේ විනාශ කර තිබේ. එම නිරීක්ෂණ චාරිකාවට එක්වූ මර්වින්…

ජනාධිපතිවරණට පෙර පළාත් සභා ඡන්දය කැඳවයි..?

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය කැඳවීමට හැකිවන සේ විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වනදා රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසට කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත් වූ බව එම ආරංචි මාර්ගවල සඳහන්. පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා නීතිපතිවරයා වෙත දැනුම්දී තිබූ අතර මත විමසීමට පෙර ඒ ගැන…

මාස 44ට පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44කට පසුවය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලදේශ නායක තමීම් ඉක්බාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී බංග්ලාදේශයට රැස්කළ හැකි වූයේ ලකුණු 238ක් පමණි. කඩුලු රකින ක්‍රීඩක…

යුද හමුදා කාන්තා ලාන්ස් කෝප්‍රල්ගේ නිපැයුම ලෝකයේ දෙවැනි තැනට

කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ ලාන්ස් කෝප්‍රල් ජේ.සී.අයි. නිශාන්ති එහි දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. දකුණු කොරියාවේදී ජුනි මස 20 දින සිට 23 දින දක්වා පැවැති ප්‍රදර්ශනයේදී  ලෝකයේ රටවල් 38 ක් නියෝජනය කරන නවෝත්පාදන තරඟකරුවන් සියගණනක් අභිබවා යමින් ‘කාන්තා සනීපාරක්‍ෂක තුවා සහ ආරක්‍ෂිතව බැහැර කරන අනෙකුත් ජෛව අපද්‍රව්‍ය කාර්යක්‍ෂමව දහනය කිරීමේ යන්ත්‍රයට’  ඉංජිනේරු අංශයේ රිදි පදක්කම හිමිවිය. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද ‘සහසක් නිමැවූම් 2018’ ජාතික නව නිපැයුම් හා නවෝත්පාදන…