සරසවි නරුමයන් මහ රාත‍්‍රියේ රෙදි ගලවා අමානුෂිකව නවක වද දුන් හැටි නවක සිසු හෙලි කරයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු නේවාසිකාගාරයක් තුළ සිදුවූ අමානුෂික නවක වද දීමක් සම්බන්ධයෙන් එහි නවක සිසුවෙක් මාධ්‍ය හමුවේ හෙළිදරව්වක් කළේය.

මහ රාත්‍රියේ තමන් කැඳවාගෙන ගොස් නාන කාමරය අසල නිරුවත් කර අවයම මිරිකමින් තමනට අමානුෂික ලෙස වද දුන් බව ඔහු පැවසීය.

මෙම සිදුවීමෙන් පසු තමනට නිතර වමනය යාම තත්ත්වයයක් ඇති වූ බවත් මෙම තත්වය දැනගත් තම මව මොළයේ නහරයක් පිපිරීමෙන් මිය ගිය බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිසියේ මෙන්ම උපකුලපතිවරයාටද පැමිණිලි කළද කිසිදු ප්‍රතිඵලයක් නැති බවද ඔහු පැවසීය.

සරසවිය තුළ ක්‍රියාත්මක දේශපාලන ව්‍යාපාරයක් විසින් සිය විරෝධතා සඳහා නවක සිසුන් ගෙන්වා ගැනීම සඳහා මෙම කටයුත්ත කරමින් සිටින බවද ඔහු කීවේය.

සරසවි සිසුන්ට ලිංගික නවක වධය ලබාදීම ගැන හෙළිදරව්වක්

සරසවි සිසුන්ට ලිංගික නවක වධය ලබාදීම ගැන හෙළිදරව්වක්

Posted by Hiru News on Tuesday, July 30, 2019
(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment