කුරුණෑගල DIG ගේ ස්ථාන මාරුව අවලංගුයි

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිස්තිරි ජයලත් මහතාට නියම කර තිබූ ස්ථාන මාරුව අවලංගු කිරීම ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

ඊයේ (01) පස්වරුවේ පැවති පොලිස් කොමිසමේ රැස්වීමේදී තීරණය වී තිබුණේ කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සහ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දීමටය.

ඒ ඔවුන් දෙදෙනා ස්ථාන මාරු නොකළහොත් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධව කෙරෙන විමර්ශනවලට බාධා ඇතිවිය හැකි බවට, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් පොලිස් කොමිසමෙන් සිදුකළ ඉල්ලීමකට අනුවය.

කෙසේ වෙතත් අද පෙරවරුවේ රැස්වූ ජාතික පොලිස් කොමිසමේදී තීරණය වී ඇත්තේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ත්‍රිකුණාමලය කොට්ඨාසය වෙත ලබාදී තිබූ ස්ථාන මාරුව අවලංගු කිරීමටය.

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment