බස්රථ අනතුරකින් 6ක් මරුට – 52ක් රෝහලේ

වස්කඩුව නාගස්හන්දිය ප්‍රදේශයේ අද(04) අළුයම සිදුව ඇති බස් රථ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් 52ක් තුවාල ලබා තිබේ.

අද උදෑසන 5.15ට පමණ ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙක් වන බව පොලීසිය පවසයි. තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයන් 43ක් කාන්තාවන් 8 ක් සහ කුඩා දරුවෙකු ද වේ. ඔවුන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment