සන්ධානයට පෙර අපේක්ෂකයා අවශ්‍යයයි-සජිත්

එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව සන්ධානගත විය යුතු බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරමිනි මේ බව සඳහන් කර ඇත.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානයක් හැකි ඉක්මනින් පිහිටුවිය යුතු බවට තමා හා අගමැතිවරයා එකඟ වු බවට අද දින පුවත්වල පළ වී තිබුණු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එවැනි සන්ධානයක් පිහිටුවීමට තමා සියයට සීයක් නොව සීයයට ලක්ෂ වාරයක් එකඟ බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය මෙන්ම එකී සන්ධානයට එකතු වීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ බහුතරය ද දරන ස්ථාවරයට අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකවරයා නම් කිරීමෙන් පසුව බවද ඇමතිවරයා සඳහන් කරයි.

තමා පෞද්ගලිකවම දරන මතය එය බවත්, එසේ කලහොත් පමණක් යෝජිත සන්ධානය නිර්මාණය වනවා පමණක් නොව ඊට තවත් පක්ෂ හා පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එකතු වී එය ජයග්‍රාහී සන්ධානයක් බවට පත්වනු නොඅනුමාන බවද ඇමතිවරයා පවසයි.

අද සිදුවිය යුත්තේ සාවද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නොව පළමුව ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව සන්ධාන ගිවිසුම නිර්මාණය කිරිම වන බවද සජිත් ප්‍රේමදාස මහතා අදාල නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

(Visited 55 times, 1 visits today)

Related posts

Leave a Comment