ගෝඨාගේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ගැන පරීක්ෂණ ඇරඹේ

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියෙකු ලෙස සිටිමින් මෙරට ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමඟින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතිබවට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇතැයි වාර්තා වේ.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ඉහත සිදුවීමට අදාලව ලද පැමිණිලි දෙකක් විමර්ශනය කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත යොමු කර තිබේ.

අදාල පැමිණිලි පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබී ඇති අතර පසුව ඒවා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත යොමුකර ඇත.

(Visited 356 times, 1 visits today)

Related posts

Leave a Comment