මහින්දගේ පරාජයට හේතුවුණු බැසිල්ගෙන් ජනපති අපේක්ෂකයාව බේරාගත යුතුයි

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට ද හේතු වූ බලවේගවලින් ගොඨාභය රාජපක්ෂ මහතාව බේරාගැනීමේ වගකීම ජනතාව සතු බව මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලැබුණත් ඉදිරියේදී ඔහුට එක්ව කටයුතු කිරීමට සිදුවන පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්න ඇති බවයි එහිමි සඳහන් කළේ. “මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කරලා තියෙනවා. හොඳයි. හැබැයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කරලා තිබුණත් අද, සමාජයේ කතාවක් යනවා ඔහු මේ පත් කළා වගේම ඉදිරියේදී ඔහුට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ කා සමඟද ? පහුගිය කාල වකවානුවේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නත්…

පොහොට්ටුවට ගිය අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි කරන්න අපිට පුළුවන්

මේ දින වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂයේ සාමාජිකයින් විවිද ක්‍රම හරහා රටේ ජනතාව ගොනාට අන්දමින් සිටින බව දක්නට ලැබේ.ඒ බව සනාථ වන්නේම මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කර දැන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් දේශපාලන බල්ටිකරුවන් හට තවමත් පක්ෂයක් ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසාය. එනම් එසේ පක්ෂය මාරු කළ පසු වහාම ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වී යන නතර ඒ සඳහා මහ මැතිවරණයේදී තරග වැදුණු පක්ෂයේ මහ ලේකම්වරයා ලිපියක් පාර්ලිමේන්තුවට එවීමද සිදුකළ යුතුය.කෙසේ වෙතත් මීට පෙරද එවැන්නක් සිදු නොවූ අතර පසුගිය ආසන්නතම අවස්ථාවේදීද එවැන්නක්…

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් තලේබාන් නායකයාගේ සොහොයුරෙකු මරුට

පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානයේ නායකයාගේ සහෝදරයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලේබාන් නායක හබයතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා නැමැත්තෙකි. මීට අමතරව ප්‍රහාරයෙන් තලේබාන් නායක හබයතුල්ලාගේ පුත්‍රයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම පිරිස තව දුරටත් ඉහළ යා හැකි බව පාකිස්ථාන පොලීසිය පවසයි. පාකිස්ථානයේ, කටා නගරයෙන් කිලෝමීටර් 25ක් නිරිත දිගින් පිහිටි දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය අය අතර දේවස්ථානය භාර…