පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් තලේබාන් නායකයාගේ සොහොයුරෙකු මරුට

පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානයේ නායකයාගේ සහෝදරයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලේබාන් නායක හබයතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා නැමැත්තෙකි. මීට අමතරව ප්‍රහාරයෙන් තලේබාන් නායක හබයතුල්ලාගේ පුත්‍රයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම පිරිස තව දුරටත් ඉහළ යා හැකි බව පාකිස්ථාන පොලීසිය පවසයි.

පාකිස්ථානයේ, කටා නගරයෙන් කිලෝමීටර් 25ක් නිරිත දිගින් පිහිටි දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය අය අතර දේවස්ථානය භාර පූජකවරයා ද සිටින බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් බාරගෙන නොමැත.

(Visited 74 times, 1 visits today)

Related posts

Leave a Comment