පොහොට්ටුවට ගිය අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි කරන්න අපිට පුළුවන්

මේ දින වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂයේ සාමාජිකයින් විවිද ක්‍රම හරහා රටේ ජනතාව ගොනාට අන්දමින් සිටින බව දක්නට ලැබේ.ඒ බව සනාථ වන්නේම මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කර දැන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් දේශපාලන බල්ටිකරුවන් හට තවමත් පක්ෂයක් ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසාය.

එනම් එසේ පක්ෂය මාරු කළ පසු වහාම ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වී යන නතර ඒ සඳහා මහ මැතිවරණයේදී තරග වැදුණු පක්ෂයේ මහ ලේකම්වරයා ලිපියක් පාර්ලිමේන්තුවට එවීමද සිදුකළ යුතුය.කෙසේ වෙතත් මීට පෙරද එවැන්නක් සිදු නොවූ අතර පසුගිය ආසන්නතම අවස්ථාවේදීද එවැන්නක් සිදු නොවිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ කරුණු විමසීමකදී ශ්‍රී.ල.නි.ප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සදහන් කළේ “සතුරාට වාසි වන ආකාරයට හෝ සිය පක්‍ෂයේ පරමාර්ථවලට වාසි වන ආකාරයට කි‍්‍රයා කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අවස්ථාවක් උදාවී ඇති බවයි”.

(Visited 44 times, 1 visits today)

Related posts

Leave a Comment