ගෝඨාගේ ඇක්සා ගිවිසුමේත් ඇමෙරිකානු හමුදාවට පැමිණිය හැකියි කියා තිබුණා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුමේ හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවට පැමිණිය හැකිය යනුවෙන් වාක්‍යයක් සඳහන්ව තිබූ නමුත් එය ක්‍රියාත්මක වීමට තවත් ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. ඊයේ (17දා) ගම්පහ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවැසීය.  “ඇක්සා ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවන්ට හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ හදලා දීලා ඉවරයි.  මේ ඇක්සා ගිවිසුම පළමුව අත්සන් තැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ආණ්ඩුවේ පිරිස් හා ජවිපෙ රතු අලි පැටව් චෝදනා කරනවා. ඇමෙරිකාව තම කුලී සේනාංකය වූ කොටි ත‍්‍රස්තවාදීන්ට…

ෂොට් එකක් ගහලා අවුට් වුණාට බනින්නේ නෑ – දිමුත්

තමන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දී ඇති බවත් ක්‍රීඩකයන් එයින් ප්‍රයෝජන ගන්නා බවත් ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය. “ආරම්භයක් ගන්න කෙනා ලොකු ලකුණකට යන්න සැලසුමක් කණ්ඩායමේ තිබුණා. ඒ සැලසුම අනුව අපි ක්‍රීඩා කළා. මම ක්‍රීඩකයන්ට ගොඩක් නිදහස දීලා තිබෙනවා. කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා ඇවිත් ප්‍රවේගකාරී ලෙස පිතිකරණයේ යෙදුණා. ඒ අය ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ගාල්ලේ මම අවසන්වරට ශතයක් ලබාගත්තේ 2018 වසරේදී. තරග හයකදී පමණ මට ශතකයක් ලබාගන්න බැරිවුණා. ඒක තමයි මම ටීම් එකටත් කිය කිය…