ඇල්ල “රොක්” රක්ෂිතයේ ගින්න තවදුරටත් පැතිර යයි

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, “රොක්” රක්ෂිත ප්‍රදේශයේ හටගෙන ඇති ගින්න තවදුරටත් පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ(22) පස්වරු 4.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ඇල්ල පොලීසිය, ආපදා කළමණාකරණ ඒකකය, වනජීවී දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භ කර තිබිණි. මේ වනවිට ගුවන් හමුදාවේ ද සහය ඇතිව ගින්න නිවීමේ කටයුතු සිදුවෙමින් පවතින බව ආපදා කළමණාකරණ ඒකකය පවසා තිබේ.

කෙසේ වෙතත් තව දුරටත් ගින්න පැතිරයමින් පවතින අතර ඊයේ දිනය වනවිට රක්ෂිත භූමියේ අක්කර 20ක් පමණ ගින්නෙන් විනාශ වී ඇත.

(Visited 27 times, 1 visits today)

Related posts

Leave a Comment