කලකදි වහ කලකදි රහ වීම

මෙවර ජනපතිවරණ තරගයේ පෙනෙන්නට තිබෙන සුවිශේෂී ලක්ෂණයක් ඇත. එය නම් පාලක සභාග රජය අභ්‍යන්තරයේ බුර බුරා නැගෙමින් තිබෙන අන්තර් පක්ෂ ගැටුම්ය. කණගාටුවට කාරණය වන්නේ මෙසේ ගැටුම් ඇතිකරගෙන සිටින බොහෝමයක් දෙනා එසේ සිදුකර තිබෙන්නේ තම දේශපාලන පක්ෂය හෝ ජාතික මට්ටමේ ගැටලූ සැළකිල්ලට ගෙන නොව තම තමන්ගේ දේශපාලන අනාගතය අරබයා වීම නිසාවෙන්ය. සිය පෞද්ගලික ගැටලූ විසදාගැනීමට මෙසේ ඔවුන් වෙහෙස වෙමින් සිටීම හමුවේ තමන්ව බලයට ගෙන ඒමට කැමැත්ත දුන් ජනතාව වෙත නිසි යුතුකම ඉෂ්ඨ කිරීමට තිබූ කාලය ඔව්හු නාස්ති කළහ.  මහා පරිමාන වංචා හා දූෂණවල නියැලී සිටියවුන්ව නීතිය හමුවට ගෙන ඒම එවැන්නකට උදාහරණයකි.…

කතානායක ධුරයෙන් ඉවත්ව යන බවට පළ වන පුවත අසත්‍යයි – කතානායක

2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිවුරුම් දිමේ නීතිවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිදුවිමක් යළි  උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කළේ  යැයි (26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති  නිසි මුලාශ්‍රයක් පදනම් කර නොගත් පුවත මුළුමනින්ම සාවද්‍ය බව කතානායක කාර්යාලය සඳහන් කරයි. අද දින එම කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ සිටියේ එම පුවත වැරදි මුලාශු පදනම් කරගනිමින් සිදු කරනු ලැවුවක් බවයි. කථානායකවරයා කිසිවිටකත්, එවන් මතයක් නොදරන අතර එවන් ප්‍රකාශයක්ද, සිදුකර නොමැති බව ඔවුහු අවධාරණය…

කාන්තා ව්‍යවසායකයින්ට ඩිජිටල් සවිය

මෙරට කාන්තා ව්‍යවසායකයින් එක්දහස් පන්සීයක් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගැනේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සුහුරුලිය  ව්‍යපෘතිය යටතේ මෙය ක්‍රියාවට නැංවේ. කාන්තා ව්‍යවසායකයින් තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණය භාවිතා කිරීමෙන් ඔවුන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සදහා අවශ්‍ය අවස්ථාවන්  නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. මෙම කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ පුහුණු වැඩමුළු  දිවයිනේ දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කෙරෙන අතර මේ වන විට  අනුරාධපුරය සහ මහනුවර යන දිස්ත්‍රික්ක වල මෙම වැඩමුළු  පවත්වා අවසන් කර තිබේ.මෙහි තෙවැන්න අම්පාර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබේ.…

ප්‍රවේශම්වන්න. තැන්පතු පොලිය අඩුවීමෙන් තවත් සක්විතිලා, දඬුවම්ලා බිහිවීමේ අවදානමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ හෙලීමට පසුගිය සතියේ දී පියවර ගනු ලැබීය. මෙහිදී න්‍යායාත්මකව සිදුවන මූලික දේ නම්, ප්‍රතිපත්ති පොලී අනුපාතිකවලට සමපාත වන අයුරින් වෙළෙඳපොළ පොලී අනුපාතිකද පහළ යාමයි. ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතන විසින් භාර ගනු ලබන තැන්පතු සඳහා ගෙවන පොලිය පහළ බසින අතර, ඔවුන් ණය දීමේ දී අය කරනු ලබන පොලිය ද පහළ යාමක් සිදුවිය යුතු වේ. කෙසේ වෙතත් මෑත කාලීනව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුවීමේ ප්‍රවණතාවය මත බැංකු තැන්පතු සඳහා ගෙවන පොලියෙහි අඩුවීමක් නිරන්තරයෙන් දැකිය හැකි වුවද, ණය පොලී අනුපාතිකවල…

සෙල්ලම් ගුවන් යානා දෙකක් ඇණවුම් කළ පියාට වැරදීමක් නිසා සැබෑ ගුවන් යානා දෙකක් එවයි

සිය පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් ආකෘති ගුවන් යානා 02ක් මිලදී ගැනීමට ගිය සවුදි ජාතිකයෙකු ගණුදෙනුව වැරදි ඒ වෙනුවට එයාර් බස් වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමේ පුවතක් සවුදි අරාබියෙන් වාර්තා වෙයි. ගුවන් යානා සම්බන්ධයෙන් දැඩි රුචිකත්වයක් දක්වන සිය පුත්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් ගුවන් යානයක ආකෘතියක් තිලිණ කිරීමට සිතු මෙම සවුදි ජාතිකයා ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් යානා නිෂ්පාදන සමාගමට සිය අවශ්‍යතාවය පැහැදිලි කර තිබේ. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඇති අවම දැනුම හේතුවෙන් ඔහු අවසානයේදී ආකෘති ගුවන් යානයක් වෙනුවට සැබෑම එයාර් බස් A350-1000 වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ”…