ජනාධිපතිවරයා විදියට බඩගින්න මම හොඳට අඳුරනවා

රටේ  උගතුන් බොහෝ දේවල් දේශපාලනඥයන්ට භාර දි තිබෙන බවත් බඩගින්න තමන් හොඳට හඳුනන බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසිය .

‘‘දුයිෂෙන් පරපුරක අභිසෙස් මංගල්‍ය ’’ යන තේමාව යටතේ දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්විම් ලබා දිම සඳහා  (27)  මාතර , වැලිගම නගර ශාලාවේ  පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ පැවසිය

එහිදි අදහස් පළකල ජනාධිපතිවරයා,

‘‘ මම ඊයෙත් මේ  වෙලාවට හිටියේ මාතර දිස්ති‍්‍රකයේ , ඒ රුහුණු විශ්ව විද්‍යාලයේ පවත්වපු විශ්ව විද්‍යාල කි‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වුනා . ලංකාවෙම විශ්ව විද්‍යාලවල දරුවෝ ඇවිත් හිටියා , පළවෙනි වතාවට තමයි ජනාධිපති විදියට විශ්ව විද්‍යාලය ඇතුලට ගිහින් කතාවකුත් කරන්න ලැබුනේ . සාමාන්‍යයෙන් යන්න දෙන්නෙ නැනේ , අද මේ  පත්විම් ගන්න ආපු අය ශිෂ්‍යයන් විදියට හිටපු කාලේ . අද දකුණු පළාතේ උපාධිධාරි දරුවෝ විදියට ඔබ රටේ  අනාගතයත් , දරුවන්ගේ අනාගතයත් භාර ගන්න දවස .

 මම මේ  උත්සවයට ආවේ  ඇයි? . රජයෙන් පත්විම්  දෙනකොට ජනාධිපති එන්න ඕනද?  මම හිතන්නෙ එන්න ඕන  නැහැ . එහෙනම්  ඇයි මම ආවේ . ජනාධිපති විදියට ආවේ  තරුණ උගත් ඔබට තියෙන ගෞරවය නිසයි . මේ  රටේ  සංවර්ධනයට , මේ  රටේ  දියුණුවට තියෙන බාධාවන් රාශියක් ඔබ දන්නවා . අද මේ  රටේ  උගතුන් බොහෝ දේවල් දේශපාලනඥයන්ට භාර දිලා තියෙනවා . නමුත් උගත් ඔබට මොන තරම්  දේ කළ හැකිද? මොනතරම්  වගකිම්  දරන්න පුළුවන්ද? ඒ දක්ෂතාවය , කුසලතාවය , අධිෂ්ඨානය , ගරුත්වය හැමදේම ඔබට තියෙනවා කියන එකයි මගේ විස්වාසය . ඒ වගේම රාජ්‍ය සේවයේ තුල විවිධ සේවාවන් ගත්තම උතුම්ම වෘත්තිය ලෙස ගුරු වෘත්තිය හඳුන්වන්න පුළුවන් . මිනිසා සත්වයෙක් නොවි මිනිසෙක් බවට පත් කරන්නේ ඔබයි , ගුරුවරු නොමැතිනම්  මිනිස්සු ඔක්කොම සත්තු , තිරිසන් ගතිපැවතුම්  වලින් මනස දියුණු කරන්නේ ගුරුවරයා.

අද මේ  උත්සවයේ හවස 2 වැටුනේ කොහොමද කියලා මම දන්නෙ නැහැ . මම දුන්නෙ හවස 3 .  නමුත් මේ  වැඩසටහනේ තියෙන්නෙ හවස 2 කියලා දාලා . ඉතින් මම ජාතික ආරක්ෂක මණ්ඩලයේ වැඩසටහන භාගෙට නතර කරලා , ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සාකචිජාවත් භාගෙට නතර කරලා ඉක්මනට මෙතනට ආවා , ඇවිත් බලනකොට වැඩසටහනේ දාලා තියෙන්නේ 2 ට පටන් ගන්නවා කියලා . ලේකම්තුමා , අධ්‍යක්ෂකතුමා තරහා වෙන්න එපා මෙහෙම කිව්වට.  මම හිතුවා මම එන්න කලින් හොඳ  දේශනයක් ඇති කියලා අලූත් පත්විම්  ලබපු අයට .  එහෙම තිබුන නම්  කොච්චර හොදද? මම හිතන්නෙ ඒ වැඩේ  කාටත් අමතක වෙන්න ඇති . ඔබට මතකද බාල කාලයේ ඔබේ  ගුරුවරු පාසලේ වැඩ කරනකොට සමහර දරුවන්ට වැඩිපුර සැලකුවා.

සමහර දරුවන්ව නොසලකා හැරියා . සමහර ගුරුවරු වත්පොහොසත්කම අනුව සැලකුවා . පංතියේ දරුවෝ 40 ක් ඉන්නවනම්  ඒ 40 දෙනාටම ඔබ අවධානය යොමු කරන්න ඕන .  දරුවන්ගේ සිත් දිනාගන්න එක තමයි අමාරුම වැඩේ  ඒක හරියට දේශපාලනඥයෙක් ජනතාවගේ සිත් දිනාගන්නව වගේ අමාරු වැඩක් . මෙතන ඇති විවාහක, අවිවාහක අය නමුත් අද ඉදන් ඔබ මවක් සහ පියෙක් වෙනවා . ජනාධිපතිවරයා විදියට බඩගින්න මම හොඳට අදුරනවා . වතුර නැති කාලේ අපේ තාත්තයි මමයි කුඹුරට ගිහින් වෙල් යාය දිහා බලලා එනකොට තාත්තගේ ඇස්වලින් කදුළු  එන්නෙ ඇයි කියලා මම දන්නවා. අපිට කන්න දෙන්නෙ මොනවද කියලා . එහෙම තමයි තාත්තලා . අපි හැමකෙනෙක්ම ජිවිතයේ ලැබෙන අත්දැකිමි එක්ක ජිවිතය තේරුම්  ගන්න ඕන ’’ යැයි ජනාධිපතිවරයා වැඩිරටත් පැවසිය .

(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment