දූවිලි මිනිසුන්ගේ ජීවිත මත රන් සුනු පිරියම් කරන මිනිසා

එළඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළ අවස්ථාවේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව එය ස්ථිර කර තිබේ. නිවාස ඉදිකිරීම් සහ සංස්ක‍ෘතික කටයුතු අමාත්‍ය ධූරය හොබවන සජිත් ප්‍රේමදාස මහතා හිටපු දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ හේමා ප්‍රේමදාස මහත්මියගේ එකම පුතු වේ. 1967 ජනවාරි 12 වැනි දින උපත ලැබූ සජිත් ප්‍රේමදාස මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහලෙනි. ඉන් අනතුරුව කොළඹ…

ආබාධිත විරුවන්ට සජිත්ගෙන් පොරොන්දුවක්

ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව හෙ(01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද(30) උදෑසන අබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය. රට දැය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් තමා ලොකු වැඩක් සිදු කරන පුද්ගලයෙක් බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නිවාස හා ගෙවල් හදා ගැනීම ණය ලබා දී ඇති බවත් කියා සිටියේය. රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබා දෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක්…

සජිත් තමයි සුදුස්සා- විග්නේෂ්වරන්

දැනට ඉදිරිපත් වී සිටින හා ඉදිරිපත් වන්නට යන අපේක්ෂකයින් දෙස බලන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවත් ඔහු ජාතිවාදියෙකු නොවන බවත්, උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 29 දා යාපනයේදී පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා වුවහොත් ඒ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව විශාල සතුටක් ලබන බවද උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා කීය. සජිත් ප්‍රේමදාස මහතාගේ දැණුම උගත්කම හා පියාගෙන් ලද දේශපාලන ආභාෂය නිසා ඔහුට හොද පාලනයක් ගෙන යා හැකි බවට තමන් විශ්වාස කර බවත් විග්නේස්වරන් මහතා මෙහිදී පැවසීය. මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය. සජිත් ප්‍රේමදාස…

මම සැබෑ ජනතා සේවකයා වෙනවා

තමා පූර්ණ කාලීනව ජනතාවගේ සේවකයා බවට පත්වන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ,    බෙන්තර – ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අද (29) අමතමින්. තරුණ – තරුණියන් වෙනුවෙන් සිදු කරන ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී අදහස් පළ කළා.  එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගී වූ පළමු රැස්වීම මෙයයි. 

හක්මන පොලීසියේ 4කගේ වැඩ තහනම්

රාජකාරිමය වගකීම් පැහැරහැරීමේ චෝදනාව මත හක්මන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. මාතර කිරින්ද ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර නොගැනීම මගින් සිය රාජකාරිමය වගකීම් පැහැර හැර ඇතැයි අදාල පොලිස් නිළධාරීන්ට චෝදනා එල්ලවී ඇත. ඒ අනුව ඔවුන් වැඩ තහනමට ලක්කර අදාල සිදුවීම් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

නියොමාල් ඇතුළු හිටපු මැතිඇමතිවරු තුන්දෙනෙකුත් සජිත්ගේ සහයට එකතු වෙයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කිරීමට හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර තිබෙනවා. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අශෝක මඩිගමංගාව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන තිලක් මහලේකම්ගේ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියොමාල් පෙරේරා සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි එම පාර්ශ්වය පැවසුවේ.  මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය පළ කිරීමට කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. නාවින්නද ඊයේ (28) එක් වුණා. ඒ, මංගල සමරවීර අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදී මාධ්‍ය හමුවක් කැදවමින්. එස්. බී. නාවින්න මන්තී‍්‍රවරයා ඉකුත්…

ප්‍රේමදාසගේ පුතා..!

ජේ. ආර්. මරමු’ කියා රට පුරා පෝස්ටර් ව්‍යාපා­ර­යක් යන­කොට ජේ.ආර් රටේ ජනා­ධි­පති ය. නිකන් ජනා­ධි­පති නොව විධා­යක ජනා­ධි­පති ය. ඉන්දු ලංකා ගිවි­සුම නිසා ඒ දව­ස්වල ජේ ආර් දිහා බොහෝ දෙනා බැලුවේ වියරු සර්ප­යෙක් දෙස බලන ගානට ය. “මේ ත්‍රස්‌ත­වා­දීන් එන්නේ රෑට, නැත්නම් හොරෙන්. ඒකයි මගේ සැකය. මේ ගැනයි, මගේ කණ­ගා­ටුව තියෙන්නේ. ඇයි බැරිද විඡේ­වී­රට කෙළින්ම ඇවිත් කියන්න ජය­ව­ර්ධන මහ­ත්තයා, මම තමු­න්නාන්සේ මර­නවා…” කියලා. ජවිපේ විරෝ­ධය ඉව­සන්න බැරි තැන ජේආර් එහෙම කීවේය. දෙවැනි කැරැල්ල පට­න්ගෙන රට පුරා ඝාතන සිදු වෙත්දී ජේ ආර් විජේ­වී­රට අභි­යෝග කළේ එහෙම ය. මැති­නිගේ ආණ්ඩු­වෙන් සිර කළ…

පාවෙන ඡන්ද දායකයන් හා අලුත් ඡන්ද තීරණාත්මකයි

ජනපතිවරණයේදී පාවෙන ඡන්ද හා අලුත් ඡන්ද තීරණාත්මක බවත්, මෙවර ජනපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නියත බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. (27දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාව මම භාරගත්තා. එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ වගකීම් මට පවරා තිබෙනවා. ඒ වගකීම් ඉටු කරන්න මම ලෑස්තියි. පක්ෂයෙන් ඉවත්වූ අය නැවත පක්ෂයට ගැනීමට පාලමක් වෙන්න බලාපොරොත්තු වෙනවා. මම ජාතික දේශපාලනයට ඇවිත් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ස්ව උත්සාහයෙන් කටයුතු කළේ. ඔහු පවුල් දේශපාලනයෙන් ආරම්භ කළේ නෑ. ඔහු පියා අභාවප්‍රාප්ත වූවාට පස්සේ දේශපාලනයට ආපු කෙනෙක්. එක්සත්…

සජිත්ගේ ආගමනය සමඟ එජාපය හැරගිය පුද්ගලයන්ගේ නව පිබිදීමක්

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමගින් පසුගිය දශක දෙකක කාලය තුළ විවිධ අවස්ථාවලදී එජාපය හැරගිය පැරණි සාමාජිකයන් නැවත පක්ෂයට වටා එකත වෙමින් සිටී. සජිත් ප්‍රේමදාස මහතා මීට දින කිහිපයකට පෙර පක්ෂයෙන් ඈත් වී සිටින පැරණි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ සියලු අමනාපකම් ඉවත දමා නැවත පක්ෂය දිනවීමට එකතු වන ලෙසයි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූ එවක පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද මේ වනවිට එජාපය හා එකතුවීමට කැමත්ත පළකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔහු ලිඛිතවම සිය කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දී…

ආබාධිත රණවිරුවන්ගේ කඳුළු මතින් බලයට එන්න දත කන්නෝ

ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් ආබාධ සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් මේ වන විටත් කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවක නිරතවීම මේ සතිය පුරා අසන්නට දකින්නට ලැබුණු සහ බොහොමයක් දෙනා සංවේදී වූ සිදුවීම් මාලාවක් විය. මේ සමඟ විශාල අවධානයක් මේ වෙත යොමු වුවත් මෙහි ඉතිහාසයේ සිට කුමක් සිදු වූවාදැයි සැබෑ තතු විමසීම අවශ්‍ය වේ. 2019 ජුනි 30 වැනිදිනට රණවිරු සේවා අධිකාරියේ දත්තවලට අනුව, ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාන්විතයේදී දී සිටියදී මරණයට පත් වූ සංඛ්‍යාව 28062 වෙයි. ඉන් ත්‍රිවිධ හමුදා ක්‍රියාන්විත රාජකාරියේදී තුවාලලැබූවන් 20,353 වන අතර ඉන් 8764 දෙනකු විශ්‍රාමික වන අතර 11589…