පොහො­ට්ටු­වට ඇම­රි­කාව සමඟ ඩීල් තිබෙ­නවා

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සහ එයින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට සිටින අපේ­ක්ෂ­කයා ඇම­රි­කාව සමඟ සම්බ­න්ධතා පව­ත්වන බව ජනතා විමුක්ති පෙර­මුණු පාර්ලි­මේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා චෝදනා කරයි. මේ අව­ස්ථාවේ ඇම­රි­කාවේ ඒජ­න්ත­ව­රයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා තෝරා­ගෙන ඇති පෙනී යන බවත්, පොහො­ට්ටු­වට එරට සමඟ පැහැ­දිලි ගනු­දෙ­නු­වක් ඇති බවත් ඒ මහතා පැවසීය. ඇම­රි­කා­වට ශ්‍රී ලංකාව ඉතා වැද­ගත් රටක් වන බැවින් විවිධ ක්‍රම­ව­ලින් මෙර­ටට බල­පෑම් එල්ල කිරී­මට කට­යුතු කර ඇතැ­යිද මේ අව­ස්ථාවේ ඔවුන් පොදු­ජන පෙර­මුණ මාර්ග­යෙන් තම අර­මුණු ඉටු කර­ගැ­න්මට කට­යුතු කර­තැ­යිද හේ කියා සිටී. බට­හිර ගැත්තන් යැයි එජා­ප­යට චෝදනා නඟන පොදු­ජන පෙර­මුණ මේ…

දකුණේ ශාන්තිකර්ම ඇසුරින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්

දකුණු පළාතට ආවේණික බලිතොවිල්, ගම්මඩු  ශාන්ති කර්ම  සංචාරකයින් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්  ආරම්භ කර ඇති බැව් රුහුණු සංචාරක කාර්යාංශය පවසයි. මෙකි ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ කලායතන  රුහුණු සංචාරක කාර්යංශය යටතේ ලියාපදිංචි කිරීමට සැලසුම්කොට තිබේ. ගම්මඩු යාග බලිතොවිල් දහඅට සන්නි වැනි ශාන්තිකර්ම පවත්වන අවස්ථාවලදි ඒ සදහා  විදේශීය සංචාරකයින් සම්බන්ද කිරීමට රුහුණු සංචාරක කාර්යාංශය මගින් සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමද  සංචාරක කාර්යාංශය මගින් සිදුකෙරේ. පාරම්පාරික ශාන්ති කර්ම සංචාරකයින් අතර ජනප්‍රිය කරවීම තුළින් ඔවුන්  දකුණු පළාතට ගෙන්වා ගැනීම මෙහි අරමුණු බැව් රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති තිසර ගුණසිංහ…

මාලිංග විස්සයි-20ලෝක වාර්තාව හිමිකරගනී

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි.  පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩිගේ සතුව තිබූ කඩුලු 98 පසුකරමින් කඩුලු 99 ක් දවාගැනීමට ලසිත් මාලිංග සමත් වූයේය. නවසිලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී කොලින් ඩි‘ග්‍රැන්ඩ්හෝම් දවාගැනීමත් සමගම මාලිංග 99 වැනි කඩුල්ල දවාගත්තේය.  විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු 100 ක් දවාගන්නා පළමු පන්දු යවන්නා වීම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් එක කඩුල්ලක් පමණි.