පොහො­ට්ටු­වට ඇම­රි­කාව සමඟ ඩීල් තිබෙ­නවා

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සහ එයින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට සිටින අපේ­ක්ෂ­කයා ඇම­රි­කාව සමඟ සම්බ­න්ධතා පව­ත්වන බව ජනතා විමුක්ති පෙර­මුණු පාර්ලි­මේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා චෝදනා කරයි. මේ අව­ස්ථාවේ ඇම­රි­කාවේ ඒජ­න්ත­ව­රයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා තෝරා­ගෙන ඇති පෙනී යන බවත්, පොහො­ට්ටු­වට එරට සමඟ පැහැ­දිලි ගනු­දෙ­නු­වක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ඇම­රි­කා­වට ශ්‍රී ලංකාව ඉතා වැද­ගත් රටක් වන බැවින් විවිධ ක්‍රම­ව­ලින් මෙර­ටට බල­පෑම් එල්ල කිරී­මට කට­යුතු කර ඇතැ­යිද මේ අව­ස්ථාවේ ඔවුන් පොදු­ජන පෙර­මුණ මාර්ග­යෙන් තම අර­මුණු ඉටු කර­ගැ­න්මට කට­යුතු කර­තැ­යිද හේ කියා සිටී.

බට­හිර ගැත්තන් යැයි එජා­ප­යට චෝදනා නඟන පොදු­ජන පෙර­මුණ මේ අයු­රින් කට­යුතු කර­මින් සිටින බව කී ජය­තිස්ස මහතා පොදු­ජන පෙර­මුණු සමු­ළු­වට පෙර මහින්ද රාජ­පක්ෂ මහතා හමු වූයේ නාහි­මි­ව­රුන් නොව ඇම­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ මධ්‍යම හා දකුණු ආසි­යාව භාර සහ­කාර ලේකම් ඇලිස් වෙල්ස් මෙණෙ­විය හා ශ්‍රී ලංකාවේ ඇම­රි­කානු තානා­පති ඇල­යිනා ටෙප්ලිට්ස් මහ­ත්මිය බවද සිහි­පත් ක‍රයි.

එසේම 1995දී ඇම­රි­කාව සමඟ සෝෆා ගිවි­සු­මට අස්සන් තැබ‍ූ එව­කට හිටපු විදේශ ඇමැ­ති­ව­රයා වූ පොදු­ජන පෙර­මුණේ සභා­පති මහ­චාර්ය ජීඇල් පීරිස් මහ­තාද ඒ අව­ස්ථා­වට සහ­භාගි වූ බව මන්ත්‍රී­ව­රයා පෙන්වා දෙයි. ජීඇල් පීරිස් මහතා ඇම­රි­කානු සීඅ­යිඒ සංවි­ධා­න­යෙන් වැටුප් ලබන බවට චෝදනා ලබා තිබූ බවද, මේ වන තෙක් ඇම­රි­කානු පුර­වැ­සි­යකු වන බැසිල් රාජ­පක්ෂ මහතා ඒ පක්ෂයේ සංවි­ධා­යක බවද, ඇම­රි­කානු පුර­වැ­සි­භා­වය ඉවත් කර­ගත් බව පව­සන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ බිරිය හා පුත්‍රයා තව­මත් ඇම­රි­කානු පුර­වැ­සි­යන් බවද පෙන්වා ඔහු දෙයි.

හමු­දා­ප­ති­ව­රයා ලෙස ෂවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරී­මේදී හඬ නැඟූ ඇම­රි­කාව එව­කට ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කළ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් වීමේදී වච­න­ය­කින් හෝ කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැති බවද කී වෛද්‍ය ජය­තිස්ස ඇමෙ­රි­කානු රජ­යට සම්බන්ධ නිල­ධා­රීන් කිහිප දෙන­කුම පසු­ගිය කාලයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ පොදු­ජන පෙර­මුණේ ප්‍රබ­ල­යන් හමු වී ඇති බවද අනා­ව­ර­ණය කළේය.

(Visited 27 times, 1 visits today)

Related posts

Leave a Comment