සියොන් ත්‍රස්තයාගේ හිස ගොඩ ගනියි

මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමිදානය කර තිබූ පාස්කු ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස හා ශරීර කොටස් අද දිනයේදී යළිත් ගොඩගෙන තිබේ.

අධිකරණ නියෝගයක් අනුව මඩකලපුව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මෙම ශරීර කොටස් ගොඩ ගැනීම සිදුවිය.

එම ශරීර කොටස් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අති අතර ඒවා ඉදිරියේදී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් විසින් දැනුම් දෙන ස්ථානයක භූමිදානය කිරීමට නියමිතය.

(Visited 36 times, 1 visits today)

Related posts

Leave a Comment