චන්ද්‍රයාන් 2 සහ පෘථිවිය අතර සබඳතා ගිලිහේ

චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය සහ පෘථිවිය අතර සබඳතා බිඳවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසල්වැසි ඉන්දියාව සිය දෙවැනි සඳ මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රයාන් 2 යානය අද(07) අලුයම චන්ද්‍රයා මතුපිටට ගොඩබැස්සවීමට නියමිතව තිබූ අතර එම මොහොතට තත්පර කිහිපයකට පෙර යානය සහ පෘථිවිය අතර සන්නිවේදන සබඳතා බිඳවැටී ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කර තිබේ.

චන්ද්‍රයාන 2 යානය සඳ මතුපිටට ගොඩබැස්සවීමේ අවස්ථාව සජීවීව දැකබලා ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයේ රැදී සිට ඇත.

කෙසේ වෙතත් සබඳතා යථා තත්වයට පත්කර ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අතර ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ බලාපොරොත්තු අත්නොහැරිය යුතු බවය.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සඳ මතුපිටට යානයක් ගොඩබැස්සවූ සිව්වැනි රට ලෙස ඉන්දියාව ඉතිහාස ගතවනු ඇත

(Visited 102 times, 1 visits today)

Related posts

Leave a Comment