රන්කිරුල 4000 ට සහයෝගය දැක්වූ සැමට තුති – ජාතික ලොතරැයි මණ්ඩලය

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගික සැමටත් ,අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින හැකි වූ බව ජාතික ‌ලොතරැයි මණ්ඩලය පවසයි. රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා Toyota Rush SUV මෝටර් රථය, Toyota wigo මෝටර් රථය, බජාජ් ත්‍රීවීල් රථය, 125CC යතුරු පැදි ,කාන්තා යතුරුපැදි එදින ජයග්‍රහණ ‌ලෙස ලබා දී ඇති අතර විසි ලක්ෂපතියන් දෙදෙනෙක්, දස ලක්ෂපති ජයග්‍රාහකයින් 17 දෙනෙක්, ලක්ෂපති ජයග්‍රාහකයින් 22ක්, i…

ජනපති අපේක්ෂක සාකච්ඡාවෙන් සම්මුතියෙන් තෝරනවා

ආඥාදායක ස්වරූපයෙන් තනි මත ජයග්‍රහණය කරවීමට නොගොස් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් තෝරා ගන්නා බව එජාප නියෝජ්‍ය නායක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එජාපෙ ජනපති අපේක්ෂකත්වය සඳහා විවිධ මත තිබෙන නමුත්, තමුන් සෑම විටම සවන් දෙන්නේ ජනතා ඉල්ලීමට බවද ඒ මහතා කීය. අස්ගිරි මහ විහාරයේ දී (12) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. දසරජ ධර්මයන්ට අනුකූලව රටට සුගතියක් අත්පත්වන නව දර්ශනයක් හා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාව බවද හෙතෙම පැවසුවේය. තමන්ට දෙන අභියෝග පැත්තකට දමා තමන් කිසි විටෙකත් ක්‍රියා නොකරන බවත්, මේ…