ජනපති අපේක්ෂක සාකච්ඡාවෙන් සම්මුතියෙන් තෝරනවා

ආඥාදායක ස්වරූපයෙන් තනි මත ජයග්‍රහණය කරවීමට නොගොස් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් තෝරා ගන්නා බව එජාප නියෝජ්‍ය නායක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එජාපෙ ජනපති අපේක්ෂකත්වය සඳහා විවිධ මත තිබෙන නමුත්, තමුන් සෑම විටම සවන් දෙන්නේ ජනතා ඉල්ලීමට බවද ඒ මහතා කීය.

අස්ගිරි මහ විහාරයේ දී (12) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

දසරජ ධර්මයන්ට අනුකූලව රටට සුගතියක් අත්පත්වන නව දර්ශනයක් හා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාව බවද හෙතෙම පැවසුවේය.

තමන්ට දෙන අභියෝග පැත්තකට දමා තමන් කිසි විටෙකත් ක්‍රියා නොකරන බවත්, මේ අවස්ථාවේ ප්‍රාදේශීය සභාවක ඡන්දයකට වඩා රටේ අනාගතය තීන්දු කෙරෙන එජපෙ ජනපති අපේක්ෂකයා තෝරා ගැනීම විශාලතම අභියෝගය බවත් ඒ මහතා කීය.

ජාති, ආගම් හා පක්ෂ බේදයෙන් තොරව රට සෞභග්‍ය කරා ගෙන යෑම තම අරමුණ බවද හෙතෙම පැවසුවේය.

(Visited 29 times, 1 visits today)

Related posts

Leave a Comment