කරූ නටන පදේ මොකක්ද?

රනිල් රැකපු පක්ශෙ සහ කිකිළි රැකපු බිත්තරේ

එජාපයෙන් වෙන්ව රාජාලියා වෙත ගොස් නැවත එජාපය ට ආ ගාමිණි දිසානායක පැය විසි හතරෙන් එජාප මන්ත්‍රීවරුන් ගෙ කැමැත්ත දිනාගෙන රහස් චන්දයෙන් රනිල් පරාජය කළේය.ඊට ටික දිනකට පසු ගාමිණී ඇතුලු එජාප යෝධයන් රැසක් පක්ෂයට අහිමි විය.ගහක් නැති රටක තුත්තිරි ගහ මහා ගසක් යැයි කතාවක් තිබේ.එජාප නායකත්වය භාර වූයේ අඩු තරමේ තුත්තිරි ගසකට නොවේ,හුලන්තලා වැලකටය.ඒ හුලන්තලාව හතර අත වහඑලා ගනිද්දී බොහෝ ගැහැට මැද අලුත් ගස් කීපයක් හිස ඔසවා තිබේ.එහෙත් හුලංතලා වැල හිතන්නේ තිබෙන එකම ගසත්,එකම වැලත්,තමා කියාය.එජාපය සිංනක්කරේට ලියාගෙන රනිල් කරන්නෙ ඒ වැඩේය.

අමාරු කාලේ පක්ෂය රැක්කද?
එහෙම හිතන අයත්,එහෙම කියන අයත් මුලින්ම මාස කීපයක් අංගොඩ පිහිටි මානසික සෞඛ්‍ය රෝහලේ නේවාසිකව සිට අසනීපය සුව කරගත යුතුය .


එහෙම කියන්නේ ඇයි?
රනිල් පක්ෂය භාර ගන්නේ 95දීය.එහෙම ගත්ත රනිල්ට තනි ආසනයකින් අවුරුදු 10ක් රට පාලනය කරන්නට පොදුපෙරමුණට ඉඩ දුන්නේය .ගිය නුවන ඇතුන් ලවාම ඇද්දවිය යුතුය කියා ගාමිණි අතුකෝරල පෙරට නො එන්නට 2000 ආණ්ඩුව එජාපයට ගන්නවා බොරුය.එහෙම අරගෙන දුන් ආණ්ඩුව වසර 5ක් අරගෙන යන්න රනිල්ට බැරි විය.අතුකෝරලත් අබිරහස් ලෙස මියගියේය .


රනිල් නිසා ගිය අය!


එජාපය එපා වෙනවා වෙනුවට රනිල් එපා වී එජාපයෙන් 90ට ආසන්න මංත්‍රීවරු පිරිසක් ඉවත්ව ගොස් තිබේ.ආරම්භ වූයේ සරත් අමුණුගම ඇතුලු 5කිනි.සුසිල් මුණසිංහ,නන්ද මැතිව්,විජේපාල මෙන්ඩිස් ඇතුලු තනි අලි ඒ අතර විය.එතැන් සිට එජාපයෙන් ඉවත්ව ගිය පිරිස අති විශාලය.ටිරෝන් ප්‍රනාන්දු ,එච්.එම් මොහොමඩ්,මොහොමඩ් මහරුෆ්,අශෝක වඩිගමංගාව, හැරල්ඩ් හේරත් වැනි පිරිස චන්ද්‍රිකා සමයේම එජාපය හැර ගියේය

එජාපය සෝදා පාලු කළේ කරුය!
මහින්ද රාජපක්ෂ එජාප ප්‍ර්භලයෝ බුරුතුපිටින් ගලවා ගනු ලැබීය . ඒ කරු ජයසූරිය ඇතුලු 16ක් එකවරම මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට යාමත් සමගය.බෑනා වූ නවීන්,රාජිත,දයාරත්න,ලොකුගේ,කෙහෙලිය,මහින්ද සමරසිංහ,මනූෂ,ලක්ෂ්මන් යාපා,ඕලිත,ධර්මදාස බන්ඩා,මොරගොඩ,ලක්ෂ්මන් සෙනෙවිරත්න,ජොන්ස්ටන් ප්‍ර්නාන්දු ඇතුලු කණ්ඩායමක් රැගෙන කරූ මහින්දගේ දෑත් ශක්තිමත් කළේය .ඊට පසු හතලිස් ගානක් පක්ෂය හැර ගියහ.ජාතික ලයිස්තුවෙන් රනිල්ම ගෙන රොත්තක්ද ගියේය.අන්තිමට මහලේකම් තිස්සත් ගියේය.
කරූ කළ විනාශය!
කරු එජාපයෙන් පලුවක් ගෙන ගොස් කළ විනාශය ගාමිණී -ලලිත් නික්ම ගියාට සමපාත නැත.ඔවුන් ගියෙ ආන්ඩුවෙනි.කරු ගියේ ආණ්ඩුවටය. ඔහු ගියේ යුද්දේ ඉවර කරන්න හයිය දෙන්න කියාය.හැබැයි ඒ වෙනුවට මහින්ද කළෙ කුමක්ද?..දිවි තිබෙනතුරු ජනාධිපති ලෙස ඉන්න ඉඩ ලැබෙන 18ගෙනාවේ කරුලගේ හයියෙනි.එදා මෙදාතුර ලංකාවේ ව්‍යවස්ථාවේ බරපතලම තක්කඩිකම18සංශෝධනයයි.කරුලා ඊට අත් ඔසවපු අයය.
කීත්නොයාර්ලා,ලසන්තලා,නිමලරාජන්ලා,ට රාජපක්ෂලා කළ අපරාධවල ලේ කරුලා ගාව නැතත්,ඒ පවට දායක වී තිබෙ.එදා කරුලා මහින්දලාගේ අත් සවිමත් කළ අයය.මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ ඒ හයියෙනි .
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය එලවන්න මහින්දලා හයිය ගත්තෙ  18වෙනි සංශෝධනයෙනි.
වග උත්තරකරුවෝ!
ඒ මහා අපරාධ සමයෙහි කරුලාත් වග උත්තර කරුවෝය.අද තනි අලියා වෙන්න හදන නවින් ඒ දිනවල මහින්දගේ හෙවනැල්ලය.ගාමිණී දිසානායක හිටියානම් ඔහුත් මහින්දට එකතු වෙනවා කියා ගාමිණි නැමති යුග පුරුෂයාට මහා අපහාසයක් කරන්නට තරම් නවින් මහින්දවාදී විය.සජිත්ලා ඒ අසීරු සමයේ පවා එජාපය රැක්කේය.පක්ෂයේ ලොක්කෝ මහින්ද සමග ඩීල් දාද්දීත් සජිත් හම්බන්තොට මහින්දගේ රාජධානියෙ සටන් කලේය.අද පාක්ෂිකයන් ඒක දනී.මන්ත්‍රීවරු දනී.විපක්ෂය පවා දනී.99%මන්ත්‍රීවරු සජිත් ඉල්ලන්නේ ඔහු නැත්නම් කරු දෙන්න කියා නොවේ.මන්ත්‍රීවරු අත්සන් කළේ සජිත් දෙන්න කියා පමණි.

පබා බබාට පවා පරාජය වී!


කරූට පවතින ප්‍රසාදය පබාට පැරදීමෙන් පෙනේ.පාක්ෂිකයනට ඔහු විශ්වාස නැත. තමා සමග ගිය බෑනාවත් ආපහු එනවිට එක්ක එන්න ඔහුට නොහැකි විය.කතානායක භූමිකාව ගැන තර්කයක් නැත.එහෙත් පක්ෂට කළ විනාශයෙ පව එයින් සේදෙන්නේ නැත.දැන් රටම සජිත්ව ඉල්ලයි.පාක්ෂිකයන්ගේ සිහිනයත් එයයි.දොර දොර ඇසෙන හඩ සජිත්‍ය.හොරට නිදන රනිල් එය නොදනී.එහෙත් කරූ?ඉතිං,කරු කෙලින් පිලිතුරක් දිය යුතුය.සජිත් දාලා දිනලා ඉමු කියන්න තරම් කරුට බැරි ඇයි.එහෙම වුනානම් සියල්ල විසදෙන බව කරු නොදන්නේද?.කරු ගරුසරුව මේ මොහොත සජිත්ට දිය යුතුය.සිවිල් බලමුලු ඔහු වෙනුවෙන් ශක්තිමත් කළ යුතුය . නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හොයනවාට වඩා ඒක හොදය.
චන්ද බලය

අසීරුම මොහොතේ පවා එජාපය සතුව 40% ක චන්ද බලයක් තිබුණි..රනිල් එය 20% දක්වා පහලට ගෙන ගියේය.එහෙව් පදේකට කරූ නටනවානම් ඔහු බිංකුණ්ඩෙකි.

(Visited 58 times, 1 visits today)

Related posts

Leave a Comment