සෞදියේ දැවැන්ත තෙල් කම්හල් දෙකකට ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් ප්‍රදේශවල පවත්වාගෙන ගිය ඉන්ධන කම්හල් දෙකකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එම ඉන්ධන කම්හල් ගිනිගෙන විනාශවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරවල වගකීම යේමනයේ හවුති සටන්කරුවන් විසින් භාරගෙන තිබෙන අතර එම කැරළිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක යාහියා සාරි, යේමනයේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් පවසා ඇත්තේ තව දුරටත් යේමනය තුළ ගැටුම් පවතින්නේ නම් එවැනි ප්‍රහාර ඉදිරියටත් සිදුවන බවය.

එසේම සෞදි රජයට ඇති එකම විකල්පය වන්නේ යේමනයට සිදුකරන ප්‍රහාර වහා නතර කිරීම බවද හවුති සටන්කරුවන් පවසා තිබේ.

මෙම තෙල් කම්හල් සෞදි රජය සතුව පැවති විශාලම තෙල් කම්හල් අතරින් දෙකකි.

ප්‍රහාරය එල්ලවීමත් සමඟ දැවන්ත ගිනිදැල් සහ දුම්රොටු විහිදුවමින් දැවී ගිය බවත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් සෞදි රජය පවසයි.

(Visited 85 times, 1 visits today)

Related posts

Leave a Comment