ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැක “කුඩු රොෂාන්, ගම්පහ පොහොට්ටු මන්ත්‍රී” ඇතුළු 13ක් යලි රිමාන්ඩ්

පසුගිය 15 වැනිදා ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසලදී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින “කුඩු රෝෂාන්” හෙවත් ටී.ජී ප්‍රසාද් රුවන් සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුව පක්ෂයේ මන්ත්‍රී දෝන ශ්‍යාමල් චින්තක ඇතුළු 13 දෙනා ලබන මස 3 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කර තිබේ.

සිද්ධියට අදාල නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා නේරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර තිබේ.

එසේම සැකකරුවන් සම්බන්ධව අද සිදුකිරීමට තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ද ලබන 13 වැනිදාට කල් තබා තිබේ. එදිනට සැකකරුවන් ආවරණය කොට අධිකරණය ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

(Visited 211 times, 1 visits today)

Related posts

Leave a Comment