ප්‍රේමදාසගේ පුතා..!

ජේ. ආර්. මරමු’ කියා රට පුරා පෝස්ටර් ව්‍යාපා­ර­යක් යන­කොට ජේ.ආර් රටේ ජනා­ධි­පති ය. නිකන් ජනා­ධි­පති නොව විධා­යක ජනා­ධි­පති ය. ඉන්දු ලංකා ගිවි­සුම නිසා ඒ දව­ස්වල ජේ ආර් දිහා බොහෝ දෙනා බැලුවේ වියරු සර්ප­යෙක් දෙස බලන ගානට ය.

මේ ත්‍රස්‌ත­වා­දීන් එන්නේ රෑට, නැත්නම් හොරෙන්. ඒකයි මගේ සැකය. මේ ගැනයි, මගේ කණ­ගා­ටුව තියෙන්නේ. ඇයි බැරිද විඡේ­වී­රට කෙළින්ම ඇවිත් කියන්න ජය­ව­ර්ධන මහ­ත්තයා, මම තමු­න්නාන්සේ මර­නවා...” කියලා.

ජවිපේ විරෝ­ධය ඉව­සන්න බැරි තැන ජේආර් එහෙම කීවේය. දෙවැනි කැරැල්ල පට­න්ගෙන රට පුරා ඝාතන සිදු වෙත්දී ජේ ආර් විජේ­වී­රට අභි­යෝග කළේ එහෙම ය.

මැති­නිගේ ආණ්ඩු­වෙන් සිර කළ විජේ­වී­රලා නැවත නිද­හස් කළේ ජේ ආර් ය. එහෙව් තමන්ට එරෙ­හිව විජේ­වී­රලා කැරලි ගස­තැයි ජේආර් නොසි­ත­න්නට ඇත. විජේ­වී­රලා දෙවෙනි වතා­වට අවි අතට ගන්න කොට මැති­නිලා ජේ ආර්ට ඔලො­ක්කු­වට සිනා­සුණේ ය. ජේ ආර් ජනා­ධි­පති ලෙස දිවු­රුම් දුන්නේ ගෝල්ෆේස් එකේ ය.

ජේ ආර් විජේ­වී­රට අභි­යෝග කළේත් ගෝල්ෆේස් එකට එන්න කියා ය. ‘මං ආරා­ධනා කර­නවා එතු­මාට, දින­ය­ක්‌ ­නි­යම කරන්න, ගෝල්ෆේ­ස්‌ ­එ­කට මම එන්නම්. මම තනි­යම පයින් එන්නම්. තමු­න්නාන්සේ ආයුධ තෝරන්නේ බෝම්බ­යක්‌ද, පිහි­යක්‌ද, කඩු­වක්‌ද, තුව­ක්‌කු­වක්‌ද, ටී 56 යක්‌ද…?ම නම් දන්නේ නැහැ, පාවිච්චි කරන්න. තමු­න්නාන්සේ නම් හොඳට දන්නවා ඇති. පාවිච්චි කරන්න. අපි දෙන්නා මූණට මූණ සටන් කරමු. බලමු, අපි දෙන්නගෙන් කවුද මැරෙන්නේ, කවුද ජීවත් වන්නේ කියලා.’ මෙහෙම අභි­යෝ­ග­යක් ජේ ආර් කරාවි යැයි විජේ­වී­ර­වත් හිත­න්නට නැත. රටේ ජන­පති වුවද ජේ ආර් ඒ වන විටත් සැත්තෑ විය ඉක්ම වූ විය­පත් මහ­ල්ලෙක් ය. හැබැයි ජේ ආර් එදා කී වචන ටික විජේ­වී­රට සිය­තින් ගෙල සිඳ ගන්න සිතෙන තරමේ සැර ඒවා ය. ඒ හින්දාම ජවිපෙ ‘ජේ ආර් මරමු -ආණ්ඩුව ගෙදර යනු’ යනු­වෙන් රට පුරා පෝස්ටර් ගැසූහ. මේ ඥන­වෘද්ධ රාෂ්ට්‍ර පාල­කයා හෙල්ලුණේ නැත. මැති­ව­රණ දෙකක්ම දිනා මිස ආපසු හැරු­ණේත් නැත.


දැවැන්ත ආර්ථික විප්ල­ව­යක් රට ­පුරා ආරම්භ විය. පෞද්ග­ලික ව්‍යව­සා­ය­ක­ත්වය පොදු විලා­සි­තාව බවට පත් විය. කුඩා සහ මධ්‍යම පරි­මාණ ව්‍යාපාර රටේ හැම තැන­කම බිහි විය. මහ­වැලි ව්‍යාපා­රය සඳහා අවශ්‍ය සේවා­වන් මහ පරි­මාණ සමා­ගම් විසින් සප­ය­මින් තිබුණි. මේ පිබි­දෙන ආර්ථි­කය සමඟ ලෝකයේ දීප්ති­මත් ආර්ථික බලා­ගා­රය වූ සිංග­ප්පූ­රු­වක් පිළි­බඳ සිහි­නය ලංකාව සම්බ­න්ධ­යෙන් දකි­මින් සිටි­යහ.

‘කළු ජුලිය’ ආවේ ඔය අත­රය. නිද­හ­සින් පසු මෙරට ජාති­වාදී විය­රුවේ කූට­ප්‍රා­ප්තිය වූ කළු ජුලිය නිසා ජේ ආර්ගේ එතෙක් තිබූ ජන­ප්‍රි­ය­ත්වය සසල විය. 88 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එන්නට ඔහු තුළ තිබූ බලා­පො­රො­ත්තුව ඔහු ඉවත් කර­ග­ත්තේය.

ඒ වෙන­කො­ටත් බොහෝ දෙනා සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක වෙත නැඹුරු වෙමින් සිටි­යහ. වසර ගණ­නා­වක් පුරා ප්‍රජා අයි­තිය අහි­මිව සිටි ඈ කෙරෙහි ජන­තාව අනු­ක­ම්පාව මුසු බැල්මක් හෙළ­මින් සිටි­යහ.

ආණ්ඩු­වෙන් ජන­තාව දුරස් වෙන්නට කළු ජුලි­යෙහි භීති­යද හේතු විය.

‘ආණ්ඩුව තියා, ඒ දව­ස්වල කොළ පාට අඳින එකත් ලජ්ජා­වක් කියලා හිතුණේ’

වරක් එහෙම කීවේ සම­හර මධ්‍යස්ථ එජාප පාක්ෂි­කයෝ ය.

ඒ එක්කම උතුර ගිනි ගනි­මින් තිබිණි. දකුණේ භීෂ­ණ­යෙන් ආණ්ඩුව කර මුලින් හිරවී තිබිණි.

එවක එජාප ආණ්‌ඩුව මඟින් පළාත් සභා ඡන්දය පැවැ­ත්වූයේ අවස්‌ථා 4 කදී ය.පළාත් සභා පන­තට එරෙ­හිව වූ ජවිපෙ පළාත් සභා ඡන්ද­යට එරෙ­හිව දැවැන්ත විරෝ­ධ­ය­ක්‌ ­සං­වි­ධා­නය කළේය. පළාත් සභා පනත පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට විරු­ද්ධව 1987 නොවැ­ම්බර් 09 ජවිපෙ මඟින් පළමු ජාතික විරෝ­ධතා දින­යක් නම් කළහ.එජා­පය එය දිනු­වද සත්ත­කින් ම එය පරා­ජ­යක් විය.

ඡන්දය වැටීමේ අනු­පා­තය වූයේ සිය­යට 49.7 කි. හම්බ­න්තොට දිස්‌ත්‍රි­ක්‌කයේ ඒ අනු­පා­තය සිය­යට 7.97 ක්‌ විය. මාතර එය සිය­යට 20 කි. එය ම පරා­ජය පෙන්වූ නිමි­ත්තකි. කළු ජූලි­යෙන් මර­ණ­යට පත්වූ සංඛ්‍යාව 471කි. තුවාල වලට ලක්වූ අයගේ සංඛ්‍යාව 3,769කි. මං‍කොල්ල­කෑම් සංඛ්‍යාව 3,835කි. සම­හරු කීවේ මිය­ගිය සංඛ්‍යාව 2,000ක් බව ය. නිවාස 8,000ක්ද කඩ සාප්පු 5,000ක් ද විනාශ වූ අතර ද්‍රවිඩ ජාති­ක­යන් 150,000ක් පමණ අව­තැන් විය. අලාභ හානි­යට පත්වූ දේප­ල­වල වටි­නා­කම ඇම­රි­කානු ඩොලර් දශ­ලක්ෂ 300කට ආසන්න විය.

ජේ ආර් කළු ජුලි­යෙන් පස්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හමු විය. ඊට කපු­කම කළේ ගාමිණී දිසා­නා­යක ය.

මහ­ත්තයෝ මිනිස්සු ඔබ­තු­මාට හොඳ­ටම බනි­නවා. ඔහොම ගියොත් ටික දව­ස­කින් ඔබ­තුමා ගෙදර ‘හාමු­දු­රුවෝ එහෙම කීවා ම ජේ.ආර්, ගාමිණී දෙස බැලු­වේය. ‘බල­න්නකෝ ගාමිණී, මේ හාමු­දු­රුවෝ කියන කතාව. මට බනි­නවා කියන ඔය මිනිස්සු ම නේද මීට ටික කාලෙ­කට කලින් මට සීයට පණස් දෙකක් දීලා ජනා­ධි­පති කළේ ‘ ඒත් විශාල ජය­ග්‍ර­හණ ආපහු හැරෙන්න ඒ හැටි කල් යන්න උව­මනා නැත.

ජේ ආර් එතෙක් ගිය ගමන වෙනස් කළේය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිළි­බ­ඳව නම්‍ය­ශීලී විය.

ඒ විත­රක් නොවේ, තීර­ණා­ත්ම­කව අවශ්‍ය මොහොතේ පක්ෂය දින­ව­න්නත් තීන්දුව ගත්තේය. නිද­හ­සින් පසු මෙරට ජාති­වාදී විය­රුවේ කූට­ප්‍රා­ප්තිය වූ කළු ජුලිය නිසා ජේ ආර්ගේ එතෙක් තිබූ ජන­ප්‍රි­ය­ත්වය සසල විය. 88 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එන්නට ඔහු තුළ තිබූ බලා­පො­රො­ත්තුව ඔහු ඉවත් කර­ග­ත්තේය. ඒ වෙන­කොට රටේ ජන­ප්‍රි­යව සිටි තිදෙ­නෙක් විය. ගාමිණී, ලලිත්,ප්‍රේම­දාස ඒ තිදෙනා ය.එහෙත් කළු ජුලිය සහ උතුරේ අවුල නිසා ලලිත්ගේ ප්‍රති­රූ­පය සසල ව තිබුණි. ඉන්දු­ලංකා ගිවි­සු­මට ජේ.ආර් එක්ක හිට ගත්ත නිසා ගාමිණී එක්කත් සම­හරු එත­රම් හොඳ­කින් සිටියේ නැත.

ඒ වෙන­කො­ටත් මිනිස්සු අතර හිටියේ ප්‍රේම­දාස ය. ඔහු අග­මැ­තිව සිටි­යද ගියේ ඔහුට අනන්‍ය ගම­නකි. ප්‍රේම­දාස ‘නිවාස වැඩ­පි­ළි­වෙල’ කර­ගෙන ගියේ අනේ­ක­විධ පීඩා මැද ය. අය­වැ­යෙන් සත පහක් මේ වැඩේට වෙන් නොක­රන විට ප්‍රේම­දාස ලෝකේ පුරා ගොස් මේ වැඩේට උදව් ඉල්ලුවේ ය. කවු­රු­වත් උප­කාර කළේ නැත. අන්ති­මට ඔහු ‘සෙවණ’ කියා ලොත­රැ­යි­යක් පවා නිකුත් කළේය.’ලොත­රැයි විකු­ණලා ගෙවල් හදන්න පුළු­වන්ද?’සම­හරු උප­හා­ස­යෙන් ඇසීය.හැබැයි ප්‍රේම­දාස වැඩේ කළේ ය. ඔහුගේ කකු­ලෙන් ඇද්ද, ඔහුට සිනා­සුණ සම­හරු ඒවා විවෘත කරද්දී නම් මූණු දාගන්න පැමි­ණි­යහ.කොහොම වෙතත් සම­හරු නැවත ජේ.ආර් ගෙනෙ­න්නට වෑයම් කළහ. එහෙත් ඒ වන­වි­ටත් ඔහු ජන­ප්‍රිය නැත.

සියලු වට­පි­ටාව ගොඩ­නැඟී තිබුණේ එජා­ප­යට අවාසි සහ­ග­තව ය. අද වගේ ම ය.

ඒ අතර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට දින නියම විය.

‘මැතිනි අර­හෙන් එනවා. ඒ අය දැන­ටම වැඩේ පටන් අරන්. ආණ්ඩු­වත් තියා­ගෙන අපි පර­දි­න්නද හදන්නේ’

ලලිත් අතු­ල­ත්මු­ද­ලිලා තැන තැන එහෙම කීය.

රටම බලා­ගෙන සිටියේ ආණ්ඩු­වෙන් එන අපේ­ක්ෂ­කයා කවුද කියාය.

ඒ වෙන­කො­ටත් මැතිනි රට­වටා යමින් භීෂ­ණය මැද පවා පක්ෂය ශක්ති­මත් කර­මින් සිටියා ය.

රට පුරා පෝස්ට­ර­යක් ඇල­විණි.

මේ කවුද මොන­වද කරන්නේ?’

එතෙක් මෙතෙක් මැති­ව­රණ ඉති­හා­සයේ ඒ තරම් කතා­බ­හට ලක්වූ පෝස්ට­ර­යක් නිර්මා­ණය වී නැත. ජේ ආර් මරමු කියා තාප්ප පුරා පෝස්ටර් අල­වන යුග­යක ‘ප්‍රේම­දා­සගේ රුව යොදා අලවා තිබූ ‘මේ කවුද මොන­වද කරන්නේ?’ පෝස්ට­රය එක රැයින් රට ම විම­ති­යට පත් කර­න්නට සමත් විය.

ජේ.ආර්. එජා­පයේ සමු­ළු­වක් කැඳෙ­ව්වේය. ඒ තමන්ගේ පක්ෂයේ මීළඟ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා සහ පක්ෂ නාය­කයා ජන­තා­වට හඳුන්වා දෙන්න­ටය. වේදි­කාවේ ගාමිණී දිසා­නා­යක, ලලිත් ඇතු­ළ­ත්මු­දලි වගේම තවත් විශේෂ අමු­ත්තෙක් සිටි­යහ. ඔහු රණ­සිංහ ප්‍රේම­දා­සය. දහස් ගාණක ජන­තාව මැද ජේ.ආර්. අපූරු කතා­වක් කළේය.

“මේ එක්සත් ජාතික පක්ෂය තමයි අවු­රුදු ගණ­නා­වක් රට පාල­නය කළ පක්ෂය. රටට නිද­හස ගෙනාව පක්ෂය. මහ­ජන පක්ෂ­යක් හැටි­යට, දුප්පත්ම මහ­ජ­නයා වෙනු­වෙන් අත­දෙන රණ­සිංහ ප්‍රේම­දාස මහ­ත්ම­යාට නාය­ක­ත්වය පව­ර­නවා. අපි මහ­ජ­න­යාට හඳු­න්වලා දෙනවා මෙන්න තමු­න්නා­න්සේ­ලාගේ මනු­ෂ්‍ය­යෙක්. එතුමා එන්නේ උන්නැ­හේගේ ප්‍රති­පත්ති උඩ, උන්නැ­හේගේ ක්‍රියාව උඩ, උන්නැ­හේගේ මහ­ජ­න­තා­වට තියෙන ආද­රය උඩ, මේ රට අවු­රුදු රාශි­යක් පාල­නය කරපු දේශ­පා­ලන පක්ෂයේ එක ම නියෝ­ජි­තයා හැටි­ය­ටයි.”

පාක්ෂි­කයෝ ප්‍රීති­යෙන් උද්දාම වූහ. මධ්‍යස්ථ ඡන්ද­දා­ය­කයෝ පවා පුදුම විය. ඇල්මැ­රුණු මැති­ව­ර­ණය රත්වෙ­න්නට විය. ශ්‍රීල­නි­පයේ සටන් පාඨ අමු­තු­වෙන් හද­න්නට විය.

දේශ­ප්‍රේමී ජනතා ව්‍යාපා­රය 1988 දෙසැ­ම්බර් 01 නියෝග 5 ක්‌ නි­කුත් කළේය. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එරෙ­හිව ඇඳිරි නීතිය පැන­විය.

ඡන්දය දමන ප්‍රථම 12 දෙනා මරා­ද­මන බවට නියෝග කළේය. ඡන්දය ප්‍රකාශ කළ කිහිප දෙන­කුගේ ඇඟිලි කපා තිබිණි. ජන­ප­ති­ව­රණ සමයේ දේශ­පා­ලන ඝාතන 681 ක්‌ සි­දුවී තිබිණි. ඉන් 63 දෙනෙ­ක්‌ ­ඡන්ද රාජ­කා­රි­වල නිරත වූ ග්‍රාම නිල­ධා­රීන් ඇතුළු රජයේ සේව­ක­යන් විය. ඡන්ද මධ්‍ය­ස්‌ථාන 207 ක එකම ඡන්ද­ය­ක්‌ හෝ පාවිච්චි කර තිබුණේ නැත.

ආර්. ප්‍රේම­දාස 2,569,199 ලබා­ග­නි­මින් සිය­යට 50.43 ක ප්‍රති­ශ­ත­ය­කින් ජය­ග්‍ර­හ­ණය කළේය.

සමා­න­කම්

සිය­ල්ලම එදා වගේ නොවු­ණත් මෙදාත් සෑහෙන සමා­න­කම් තිබිණි; තිබේ.

එදා ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­ත්වය රණ­සිංහ ප්‍රේම­දාස ට ද ලැබුණේ විසි­තුරු බන්දේ­සි­යක් මත තබා නොවේ.

මෙදා සජිත් ප්‍රේම­දා­සට ලැබු­ණේත් එදා වගේ ම ය. එදත් බොහෝ දෙනෙක් ජන­පති සිහින දුටුහ.

සම­හරු සජිත්ට වයස මදි කීය. සම­හරු සජිත් අන්ත­ර්ජා­තික සබ­ඳතා දන්නේ නෑ කීය. සම­හරු සජිත්ගේ අධ්‍යා­පන සුදු­සු­කම් පවා සෙවූහ. තවත් සම­හරු මඩ ලොරි පිටින් ගැසූහ.

එහෙත්, සජිත් නිත­රම කීවේ ‘ඉව­සන්න..සියල්ල හොඳින් සිදු­වෙයි ‘කියාය.

පක්ෂයේ අර­ග­ලය යන අතර සජිත් ඒවා කල­ම­ණා­ක­ර­ණය වෙන්නට දෙමින්ම තමාගේ ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම කර­ගෙන ගියේය. එදා ප්‍රේම­දා­සත් එහෙ ම ය. පුර­වැසි පෙර­මුණ ඔහු වෙනු­වෙන් සූදා­නම්ව තිබිණ.

මෙවර තීර­ණා­ත්මක ඉම­කට පක්ෂයේ අර­ග­ල­යත් තල්ලු විය.එදා රණ­සිංහ ප්‍රේම­දා­සට ජන­පති අපේ­ක්ෂ­ක­ත්වය ලබා දෙන්නට රංජන් විජේ­රත්න දැඩි අර­ග­ල­යක නිරත විය. මෙදා මංග­ලලා කළේ එදා රංජන්ලා කළ දේය.

සජිත් මෙන්ම ඔහුගේ පියා වූ ආර් ප්‍රේම­දාස 1977 වසරේ අග­මැති පද­වි­යත්, 1989 වසරේ ජනා­ධි­පති ධූර අපේ­ක්ෂ­ක­ත්ව­යත් හිමි­කර ගන්නා ලද්දේ එව­කට එක්සත් ජාතික පක්ෂයේ දැවැ­න්ත­යන්ව සිටි ප්‍රබල දේශ­පා­ලන චරිත කීප­ය­කට අභි­යෝග කර­මින් ය.

ඒ සඳහා රණ­සිංහ ප්‍රේම­දාස පළ­මුව රට­පුරා බිම් මට්ට­මින් සිය බලය ව්‍යාප්ත කර­ගත් අතර අන­තු­රුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍ර­ණය සිය අභි­ම­ත­යට යට­කර ගැනී­මට සමත් විය.

සජිත් ආවේත් ඊට සමීප ගම­නකි.

අව­සන් මොහොත දක්වාම අර­ග­ලය දිගු විය. විටෙක සම­හරු කීවේ ‘සජිත් ඉව­රයි’කියා ය. ඊට හේතු තිබිණි. සජිත් සහ රනිල් අතර පක්ෂ අර­ග­ලය දිගු එකකි.

එම අර­ගල කෙළ­වර වුණේ නායක රනිල්ගේ වාසි­යට තීන්දු වෙමිනි.

වරක් එවන් ගැටු­ම­කින් සිරි­කො­තට පවා අලාභ හානි විය. වරක් ‘රනිල් විරෝධී’, සජි­ත්වාදී පෙළ­පා­ලි­යක් පවා ගියේය.ඊට මාතර කුරුඳු පොලු ප්‍රහා­ර­යක් එල්ල විය.

සජිත් පක්ෂ නාය­ක­ත්ව­යට ගෙන ඒමට උර­දුන් ඇතැම් සග­යන් සම­හ­ර­විට පක්ෂය හැර ගියහ.

අව­සන් මාස කිහි­පය පක්ෂයේ තීර­ණා­ත්මක ඉම­කට සේන්දු විය. ජ්‍යෙෂ්ඨයෝ එක­හෙළා ‘සජිත්ව’ඉල්ලා සිටි­යහ. පසු පෙළ සහ තරුණ මන්ත්‍රී­ව­රුද ඊට එක් වූහ. හරීන් ප්‍රනාන්දු සෘජු ව ම සජිත් වෙනු­වෙන් පෙනී සිටි­මින් ‘සජිත් එනවා’ රැලිය බදු­ල්ලෙන් ආරම්භ කළේය. එය ප්‍රවා­හ­යක් විය; රට පුරා ‘සජිත් රැල්ලක්’ ආරම්භ විය.

‘මහ­ගෙ­ද­රට නැවත එන්න’

පක්ෂ­යෙන් ඈත්ව සිටි,පක්ෂ­යෙන් දුරස් කොට සිටි,බොහෝ පිරිස් ‘සජිත් ආග­ම­නය’සමඟ නව බලා­පො­රොත්තු දල්වා ගත් හ.

ඉකුත් වක­වා­නුවේ පක්ෂ­යෙන් ඉවත් වූ 50ට වැඩි පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු අතුළු මහ­ජන නියෝ­ජි­ත­යන්ට සජිත් ‘මහ­ගෙ­ද­රට නැවත එන්න’ කියා ආරා­ධනා කළේය. තිස්ස අත්ත­නා­යක මුලින්ම ඊට ප්‍රති­චාර දැක්වීය.

මේ සියල්ල අතරේ පක්ෂ නාය­ක­ත්වය විසින් ‘එජාපෙ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස සජිත් ප්‍රේම­දා­සව’ නම් කළේය.

දැන් සටන තිබෙන්නේ විවෘ­ත­වය.

එහා පැත්තෙන් ගෝඨා­භය රාජ­ප­ක්ෂය. මෙහා පැත්තෙන් සජිත් ප්‍රේම­දා­සය. තරා­දි­ය­කට දමා කිරා බලා තීන්දුව ගත හැකිය. වයස, පෙර වැරදි, කළ වැඩ, පල­පු­රුද්ද යනාදී සියල්ල ඒ තරා­දි­යට දැමිය හැක.

මා එක්ක අම­නා­ප­යක් තියෙ­නවා නම්, මට වෙඩි තියලා මාව ඝාත­නය කළාට කමක් නෑ. ඒත් මම පුංචි කාලේ ඉඳලා ආරක්ෂා කර­ගෙන ආව මගේ චරි­තය ඝාත­නය කරන්න එපා’

එහෙම කීවේ රණ­සිංහ ප්‍රේම­දාස ය.

ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­කම ලැබෙන්න පෙර සජිත් මෙහෙම කීවේය.

‘මගේ තාත්තා මේ පක්ෂය වෙනු­වෙන් මහ­පාරේ ජීවි­තය දුන්නා. එහෙවු තාත්තගේ පුතා නිසා නෙවේ, දුන්න අමා­ත්‍යාංශේ සත පහක් හොර­කම් නොකර, ගෙද­රින් ගෙනි­යන බත් ටික­වත් වෙලා­වට නොකා පැය විසි­හ­ත­රම වැඩ කරන මට මේ අව­ස්ථාව දෙන්න මේ තරම් අමාරු ඇයි’

දැන් සජිත්ට ඒ අව­ස්ථාව උදාවී තිබේ.

මානාභරණ

(Visited 65 times, 1 visits today)

Related posts

Leave a Comment