පාවෙන ඡන්ද දායකයන් හා අලුත් ඡන්ද තීරණාත්මකයි

ජනපතිවරණයේදී පාවෙන ඡන්ද හා අලුත් ඡන්ද තීරණාත්මක බවත්, මෙවර ජනපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නියත බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. (27දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාව මම භාරගත්තා. එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ වගකීම් මට පවරා තිබෙනවා. ඒ වගකීම් ඉටු කරන්න මම ලෑස්තියි. පක්ෂයෙන් ඉවත්වූ අය නැවත පක්ෂයට ගැනීමට පාලමක් වෙන්න බලාපොරොත්තු වෙනවා.

මම ජාතික දේශපාලනයට ඇවිත් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ස්ව උත්සාහයෙන් කටයුතු කළේ. ඔහු පවුල් දේශපාලනයෙන් ආරම්භ කළේ නෑ.

ඔහු පියා අභාවප්‍රාප්ත වූවාට පස්සේ දේශපාලනයට ආපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා හෝ කිසිවෙක් පවුල් දේශාපලනයට සම්බන්ධ නෑ.”

(Visited 115 times, 1 visits today)

Related posts

Leave a Comment