සජිත් තමයි සුදුස්සා- විග්නේෂ්වරන්

දැනට ඉදිරිපත් වී සිටින හා ඉදිරිපත් වන්නට යන අපේක්ෂකයින් දෙස බලන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවත් ඔහු ජාතිවාදියෙකු නොවන බවත්, උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 29 දා යාපනයේදී පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා වුවහොත් ඒ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව විශාල සතුටක් ලබන බවද උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා කීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ දැණුම උගත්කම හා පියාගෙන් ලද දේශපාලන ආභාෂය නිසා ඔහුට හොද පාලනයක් ගෙන යා හැකි බවට තමන් විශ්වාස කර බවත් විග්නේස්වරන් මහතා මෙහිදී පැවසීය. මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා දෙමළ විරෝධියෙකු බව පෙනෙන්නට නොමැති නිසා තමන් ඒ ගැන සතුටු වන බවද සජිත් ප්‍රේමදාස මහතා නිවැරදි හා කාලෝචිත තීරණයකට එළඹී ක්‍රියා කළහොත් උතුරු නැගෙනහිර සියලු දෙමළ ජනතාවගේ සහය ඔහුට ලබා ගත හැකි බවද ඔහු කීය.

(Visited 30 times, 1 visits today)

Related posts

Leave a Comment