ජනපති – බැසිල් හමුව තීරණයකින් තොරව අවසන්

අජන්ත කුමාර අගලකඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. ජනාධිපති නිල නිවසේ පැවති එම හමුව පැයකට අධික කාලයක් පැවති බව වාර්තාවේ. ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතාත් හැර වෙනත් කිසිවකුත් ඊට සහභාගි වී නැති බවද දැනගන්නට ඇත. පොහොට්ටුවේ ලකුණු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවත් එහෙත් අවසන් විසඳුමකට පැමිණ නැති බවත් වාර්තාවේ.

ඉන්දියාවට අධික වැසි – 83කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

උතුරු ඉන්දියාවට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් දින 4කදී පුද්ගලයන් පුද්ගලයන් 83 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් 73 දෙනෙකු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ද 6 දෙනෙකු රාජස්ථාන ප්‍රාන්තයේ ද තිදෙනෙකු මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ද බව වාර්තා වේ. මීට අමතරව ජම්බුකාශ්මීර ප්‍රදේශයෙන් ද මරණ වාර්තා වී ඇත. බිහාරය, පට්නා නුවර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතින බවත් දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා අඩාලවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් අකර්මණ්‍ය වී තිබේ. මෙම වැසි තත්වය ඉන්දියාවේ සාමාන්‍ය…

සජින් ද වාස්ගේ නඩුවට දින නියම කරයි

පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද  (01)  තීරණය කළේය. මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි  මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතරක් විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්කිකරුවන් 05 දෙනෙකුට ඒ දිනවල අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.…

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට

අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව මෙසේ පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස්පතිවරයා අද (01දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක ජනපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති කිහිපය පුරාම පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග සිදු කරන ලද සාකච්චා වලදීද කිසිදු එකගතාවයකට පැමිණ නැත. කුමාර වෙල්ගම මහතාගේ නම සහ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා යෝජනා වී ඇත. ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පත් වීමේ තීරණාත්මක දින කිහිපයයි. පසුගිය දිනවල අස්ගිරි පාර්ෂවයේ සහ මල්වතු පාර්ෂවයේ…