ඉන්දියාවට අධික වැසි – 83කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

උතුරු ඉන්දියාවට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් දින 4කදී පුද්ගලයන් පුද්ගලයන් 83 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් 73 දෙනෙකු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ද 6 දෙනෙකු රාජස්ථාන ප්‍රාන්තයේ ද තිදෙනෙකු මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ද බව වාර්තා වේ.

මීට අමතරව ජම්බුකාශ්මීර ප්‍රදේශයෙන් ද මරණ වාර්තා වී ඇත.

බිහාරය, පට්නා නුවර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතින බවත් දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා අඩාලවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් අකර්මණ්‍ය වී තිබේ.

මෙම වැසි තත්වය ඉන්දියාවේ සාමාන්‍ය වර්ශාපතනය මෙන් සියයට 1700 ගුණයක් බවද වාර්තා වේ.

(Visited 50 times, 1 visits today)

Related posts

Leave a Comment