ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක ජනපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති කිහිපය පුරාම පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග සිදු කරන ලද සාකච්චා වලදීද කිසිදු එකගතාවයකට පැමිණ නැත. කුමාර වෙල්ගම මහතාගේ නම සහ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා යෝජනා වී ඇත.

ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පත් වීමේ තීරණාත්මක දින කිහිපයයි.

පසුගිය දිනවල අස්ගිරි පාර්ෂවයේ සහ මල්වතු පාර්ෂවයේ මහ නා හිමිවරුන් හමු වී ඇති විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිධුර අපේක්ෂකත්වය පිළිබදව ඔවුන් හමුවේද සාකච්චා කර ඇත.

කුමාර වෙල්ගම මහතාට වඩා නිදහස් පක්ෂයේ බහුතරයකගේ කැමැත්ත මේ වන විට දිනාගෙන සිටින්නේ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බවට තොරතුරු වාර්තාවේ.

(Visited 10 times, 1 visits today)

Related posts

Leave a Comment