වික්ටර් අයිවන්ගෙන් කෙස් කෙලින් වෙන තර්කයක්

රාවය පුවත්පතේ ආරම්භක කර්තෘ,පුනරුදය ව්‍යාපාරයේ නිර්මාතෘ – වික්ටර් අයිවන් රැස පුවත්පතට ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකර තිබේ. එය කොටස් වශයෙන් ඔබට ගෙන එමු. මේ එයි පළමුවැන්නයි.

ඔබ පසුගිය දිනවල කියලා තිබුණා මෙවර ජනාධිපතිවරණයේදී වැඩි වාසි තියෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාටයි කියලා. ඇයි එහෙම කිව්වේ?

මම එහෙම කිව්වේ සජිත්ට නිර්ධන පන්තියේ සහ පීඩිත පන්තියේ තියෙන ආකර්ෂණය සහ පිළිගැනීම නිසායි. විවිධ හේතු නිසා අගමැතිවරයා සහ කථානායකවරයා ඇතුළු වෙනත් එජාප අපේක්ෂකයෙක්ට වඩා නිර්ධන පන්තියේ සහ පීඩිත පන්තියේ ඒ ආකර්ෂණය සහ පිළිගැනීම තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට.

ඔබ හිතන හැටියට මේ ජනාධිපතිවරණයේ ජයගැනීමේ වැඩි ඉඩක් තිබෙන අපේක්ෂකයා කවුද?

ඒක මම දැන්ම කියන්නේ නැහැ. මට ඒකෙන් තුට්ටුවකවත් වැඩකුත් නැහැ. නමුත් මම ඒක තව ඉදිරියේදී කියන්නම්.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට නිර්ධනීන් සහ පීඩිතයින් අතර පිළිගැනීම තිබුණ පමණින්ම දිනන්න පුළුවන්ද?

ඉන්දියාව කලින් හිටියේ රජකාලේ යුගයක. ගාන්ධි පවුලත් දේශපාලනයට ඇවිත් කළේ ඒ සංස්කෘතිය ඉදිරියට ගෙනියන එක. දශක පහකට විතර පසුව දැන් ඒ තත්ත්වය අවසන් වෙමින් තියෙනවා. එහෙම තිබුණු තත්ත්වය මෝදි වෙනස් කළා. ඒ මිනිස්සු හිතන්න ගත්තා විශේෂයෙන්ම පීඩිත අය හිතුවා මෝදි අපේ කෙනෙක් කියලා. ඔවුන්ට මෝදිගේ දර්ශනය, එයාගේ ආර්ථික ප්‍රතිපත්ති ඒ වගේ දේවල් වැඩක් නැහැ. ඒව තේරෙන්නෙත් නැහැ. එකම දේ ඒ අපේ කෙනෙක්. තමන්ගේ කෙනෙක් බලයට එන එක ඒ ජනතාවට ආස්වාදනීය කාරණයක්.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ගැනත් මිනිස්සු හිතන්නෙත් ඒකයි. ඒ හිතන එක ඇතුළේ ඔහුට ආකර්ශනයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ දී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පීඩිතයන්ට කරපු දේවල් තවමත් කවුරුවත් කරලා නැහැ. ජනසවිය, උදාගම් වගේම බැංකු ණය දුන්නා ජනසවි ලාභීන්ට, සමාජය යහපත් කරන්න නම් පහළම ජනතාවට විශාල සේවයක් කළ යුතුයි. ඒක ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළා. තවමත් පීඩිතයන් මතක් කරන්නේ ඔහුව.

(Visited 42 times, 1 visits today)

Related posts

Leave a Comment