සජිත් නුවරඑළිය ලක්ෂ 2කට වඩා වැඩි ඡන්දයෙන් දිනනවා

ජනාධිපතිවරණ‍යේ දී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලක්ෂ දෙකකට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරවන බව වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා පැවැසීය. තොණ්ඩමන් මහතා පොදුජන පෙරමුණ සමඟ එක්වීමෙන් වතුකරයේ කෙබඳු තත්ත්වයක් ඇතිවේ දැයි කළ විමසුමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වතුකරයේ ප්‍රජාවගේ එකම අපේක්ෂාව බවට ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබෙන බව පැවැසූ ඇමැතිවරයා, වසර 2015 දීත් වතුකරයේ ජනතාවගේ ඡන්දය හිමි වූයේ හංසයා ලකුණින් තරග කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් මෙහි දී සිහිපත් කළේය.

අරුණ ඩයස්

(Visited 145 times, 1 visits today)

Related posts

Leave a Comment