අන්තර්ජාල ළමා ලිංගික අපරාධකරුවන් 337ක් රටවල් 38කදී අත්අඩංගුවට

අන්තර්ජාල ළමා ලිංගික අපරාධකරුවන් 337 දෙනෙකු රටවල් කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය නිවේදනය කර තිබේ.

අසභ්‍ය ළමා වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හරිමින් කොරියාවේ සිට පවත්වාගෙන ගිය වෙබ් අඩවියක් ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙබ් අඩවිය තුළ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් අන්තර්ගතව තිබී ඇති අතර මිලියනයකට අධික සංඛ්‍යාවක් ඒවා බාගත කිරීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙබ් අවියේ හිමිකරු ලෙස කටයුතු කර තිබෙන දකුණු කොරියාවේ 23 හැවිරිදි ජොන් වූ සොන් නැමැත්තෙකුට ඇමරිකා එක්සත් ජනපදය විසින් අධිචෝදනා 9ක් ගොනුකර තිබේ.

බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ඇමරිකාව, දකුණු කොරියාව, ජර්මනිය, ස්පාඤ්ඤය, සෞදි අරාබිය, ඩුබායි, චෙක් ජනරජය සහ කැනඩාව ඇතුළු රටවල් 38ක පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(Visited 71 times, 1 visits today)

Related posts

Leave a Comment