මුස්ලිම් කොංග්‍රස් සහායත් සජිත්ට

ප්‍රේමදාස ජනපති කළා සජිත්වත් දිනවනවා

එළඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘ අෂ්රෆ් මහතා රණසිංහ ප්‍රේමදාස මහතාව ජනාධිපති කළා මෙන් වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති කරවීමට මුස්ලිම් කොංග්‍රය කටයුතු කරන බව එම පක්ෂයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

තින්දුවුර්හි පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින් හකීම් මහතා මේ බව පැවැසුවේය. මේ ජනාධිපති මැතිවරණය ඓතිහාසික වැදගත්කමින් යුක්තයි. රටේ ජනපති හෝ අගමැති විරුද්ධ පක්ෂ නායක සහ කථානායක යන කිසිවකු මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නොමැති අතර, නව මුහුණු මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව ද ප්‍රධාන පක්ෂ තුළ විවිධ ගැටලු මතු වී තිබෙන පසුබිමක සිය අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බව ද කියා සිටී.

එක්සත් ජාතික පක්ෂය තුළ වෙනස්කම් සිදු කළ යුතු බව බොහෝ දෙනකු අදහස් කළ ද ඒ පිළිබඳ කථා කිරීමට ඉදිරිපත් වූයේ නැත. ජනපති මැතිවරණයේ සජිත්ව ඉදිරිපත් කළ යුතු බව අගමැති ඉදිරියේ ඍජුව කථා කළ මා අදත් එම ස්ථාවරයෙන් කටයුතු කරමින් සිටිනවා. මුස්ලිම් කොංග්‍රසය පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමෙන් පසු මුලින්ම 1988 ජනාධිපතිවරණයේ දී රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට සහයෝගය ලබා දෙන ලදි. ඉන් පසු පැමිණි පාර්ලිමේන්තු මැතිවරණයේ අප පක්ෂය තනියම තරග කර ජයග්‍රහණය කිරීමෙන් ලබා ගත් ප්‍රතිඵලය තුළින් එය නැවත වරක් සනාථ විය.

කොංග්‍රස් පක්ෂයේ නිර්මාතෘ අෂ්රෆ් මහතාට එ. ජා. පක්ෂය සමඟ සමහර මත ගැටලු තිබුණ ද රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ කිට්ටු සම්බන්ධතාවක් තිබුණා. මේ මැතිවරණයේ තරග වදින, එතුමාගේ පුත්‍රයාව දිනවන්න මුස්ලිම් කොංග්‍රස් ආධාරකයන් සහයෝගය ලබාදිය යුතුයි. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මුළු මුස්ලිම් සමාජයටම එරෙහිව ඇඟිලි දික් කළ සියලු පාර්ශ්වයන්ටම එරෙහිව අපි මේ මැතිවරණයේ දී සජිත් මහතාට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී සිටිනවා.

මුස්ලිම් සමාජය වහල්ලන්ගේ සමාජයක් වශයෙන් සිටිය යුතුද? නැද්ද? යන සටනෙදී, මේ මැතිවරණයෙන් තීරණය කළ යුත්තේ මුස්ලිම් වීරෝධී බලයන්හි පිටු පස සැඟවී සිටීමට සමහරුන් සිතුව ද අපි ආත්ම ගෞරවය රැක ගත යුතුයි. නීතිය, සාධාරණය සඳහා සටන් කරන පක්ෂයක් සිය ගැලවීමට අරාජිකයන් ඉදිරියේ දණ ගසන්න සූදානම් නෑ. සිය බූදල් ආරක්ෂා කර ගැනීමට සමහරුන් මේ මැතිවරණයේ තරග කිරීම මුස්ලිම් සමාජයේ ඡන්ද බලය හීන කිරීමේ ක්‍රියාවලියකි.

සුළුතර ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීම තුළින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කළ හැකිය. ඒ වගේම දමිළ සහ මුස්ලිම් ප්‍රදේශවල ඡන්ද සලකුණු කිරීමේ ප්‍රතිශතය ඉතා උසස් මට්ටමක පවත්වා ගත යුතුයි යැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

(Visited 83 times, 1 visits today)

Related posts

Leave a Comment