ජාතික ධීවර මහා සමුළුව අද ප්‍රධාන ආරාධිතයා සජිත්

ශ්‍රී ලංකාව වටා විසිරි සිටින ධීවර ප්‍රජාව ඒකරාශී කර පවත්වන ජාතික ධීවර මහා සමුළුව අද (21) පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ සංවිධාන දායකත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වෙයි.

මේ සඳහා රට වටා විසිරි සිටින ධිවර ප්‍රජාව නියෝජනය කරමින් පන් දහසකට (5000) අධික ධීවර ජනතාවක් සහ මැති ඇමැතිවරුන් රැසක් මේ ජාතික ධීවර මහා සමුළුවට සහභගි වීමට නියමිතය .

යෝජිත ධීවර ප්‍රඥප්තිය සඳහා ධීවර ප්‍රජාව ඉදිරිපත් කරන යෝජනා, උතුරු නැඟෙනහිර හා දකුණේ ධීවර ජනතාව ඉදිරිපත් කරන ධීවර ක්ෂේත්‍ර ගැටලු, මෙතෙක් නොවිසඳුනු ධීවර ප්‍රජාවගේ සමාජීය ගැටලු පිළිබඳ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත මෙහිදී ඉදිරිපත් කෙරේ.

(Visited 57 times, 1 visits today)

Related posts

Leave a Comment