උතුරේ චන්ද නවත්තන්න නාමල් කුමන්ත්‍රණයක.

එළඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයට බාධාවක්ව පවතින උතුරේ ඡන්ද ගෝඨාට දිනාගත නොහැකි බැවින් කෙසේ හෝ උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම වැලැක්වීමේ කුමන්ත්‍රණයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල යාපනයේ සිට වෙහෙසෙන බව විශ්වාශාවන්ත ආරංචිමාර්ගයක් සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 19 දා යාපනයේ Green Grass හෝටලයේ දී යාපනය පුරපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා මුණගැසී නාමල් රාජපක්ෂ මහතා උතුරේ ජනතාවගේ ඡන්දය භාවිත කිරීම නැවැත්වීම සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එහිදී යාපනය පුරපතිවරයා එම යෝජනාවට තමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.
කෙසේ නමුත් සිය උත්සාහය තවමත් අතහැර නොමැති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවමත් යාපනයේ රැඳී සිටිමින් කෙසේ හෝ තමාට පවරා ඇති රාජකාරිය සාර්ථක ලෙස නිමා කොට සිය බාප්පා වෙනුවෙන් තමාට කළ හැකි යුතුකම ඉටු කිරීමට උත්සහ ගනිමින් සිටි.

(Visited 16 times, 1 visits today)

Related posts

Leave a Comment