මුස්ලිම් විරෝධී ෆේස්බුක් රැල්ල හැදුවේ ගෝඨාභය.

නොවැම්බර් 16 න් පසු නැවතත් මුස්ලිම් විරෝධයක්. හිටපු හමුදාපතිගෙන් හෙළිදරව්වක්.
පාස්කු ප්‍රහාරයෙන් පසුව සමාජ මාධ්‍ය මගින් දරුණු ලෙස ව්‍යාප්ත කෙරුණු මුස්ලිම් විරෝධය සහ එහි භයානක අතුරු ප්‍රතිපල පසුගිය මැයි 12 වන දා රාත්‍රියේ සහ 13 යන දින වල දී බිංගිරිය, පඬුවස්නුවර, නාත්තන්ඩිය සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශ වලදී අප දුටිමු. එහිදී සහෝදර මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට අවැසි පිටුබලය සිංහල ජනතාවට සපයන ලද ජාතිවාදී ෆේස් බුක් රැල්ල හාවක් හූවක් නැතිව බැස ගිය අතර දැන් එවැන්නක් තිබු වගක් වත් සොයා ගත නොහැක.
එම ප්‍රචණ්ඩකාරී ෆේස්බුක් රැල්ල පිටුපස ගෝඨාභය රාජපක්ෂ කල්ලිය සිටින බවත්, ඉකුත් අගෝස්තුවේ ඔහු ජනාධිපතිවරණ තරග බිමට පැමිණෙන බව නිවේදනය කිරීමත් සමග එය නිමා වූ බවත් හිටපු හමුදාපතිවරයා Capital Tv හි වැඩසටහනක් වෙත අදහස් දක්වමින් පසුගිය දා ප්‍රකාශ කළේය.
මේ අතර ම ඔහු වැඩි දුරටත් කියා සිටියේ හදිසියේ හෝ එළඹෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජයග්‍රහණය කළහොත් මුස්ලිම් ජනතාවට එරෙහිව අනෙකුත් ජනතාව උසි ගැන්වීම නොවැම්බර් 16 වනදායින් පසුව ආරම්භ වීමට ඉඩ ඇති බවයි.
එහි ප්‍රතිපලය නැවතත් මැයි 12 සහ 13 දිනයක් හෝ දර්ගා නගරයේ සිදු වීමෙන් කෙලවර වීමක් හෝ ඊට වඩා විනාශයකට අත වැනීමක් ද විය හැකියි.

(Visited 7 times, 1 visits today)

Related posts

Leave a Comment