රුවන්වැලි සෑයෙනුත් ගොඩ යන්න හදන මෘගයෝ

මේ දවස් වල පොහොට්ටු වට කඬේ යන අයගේ අලූත්ම කතාව තමයි රුවන්වැලි සෑයේ නිධාන ගන්න හදනවා. රුවන්වැලි සෑයේ ගර්භය හිල් කරලා , ආණ්ඩුව රුවන්වැලි සෑය විනාශ කරනවා, බෞද්ධයෝ ඉවරයි වගේ කතා.

මෙයාලා මේවගෙනුත් උත්සාහ කරන්නේ ආණ්ඩුව ගැන තියෙන ජනතා කැමැත්ත අඩු කරන්න. එකෙක් මේක හදලා පෝස්ට් එකක් දාපුවාම අනිත් උන් ශෙයා කරනවා. මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලවත් හොයල බලන්නේ නෑ. ඒක ඇත්තටම ඒ පාක්ෂිකයන්ගේ තියෙන ලොකු අඩුවක්. රාජපක්ෂලා මොන බොරුව කිව්වත් පිළිගන්න මේ අය බුදු හාමුදුරුවෝ වැඩලා ඒක බොරු කියලා කිව්වත් පිළි ගන්න සූදානම් නෑ.

සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට රුවන්වැලි මහා සෑයේ කොත් වහන්සේගේ රන් ආලේප කිරීම සිදු කරනවා. මේ රන් ආලේප කරන වැඬේට රුපියල් කෝටි 60ක විතර වියදමක් යනවා කියල තමයි කියන්නේ. රත්තරන් කිලෝ 40ක් විතර ආලේප කරන්න යොදා ගන්නවා. ඒ ආලේප කරන්නනේ අතින් නොවෙයි. මැෂින් එකෙන්. ඒ මැෂින් එක කරේ තියාගෙන සෑයේ ගර්භය දිගේ උඩට යන්න බෑ. ඉනිමං වලින් යන්න බෑ. ඒ නිසයි මේ වගේ යකඩ සැටලිමක් ගහලා තියෙන්නේ.

මේ සැටලිම ගැහුවා කියලා ගර්භයටවත් පොළොවටවත් කිසිම හානියක් නෑ. ගර්භයේ වදින තැන්වලට ලොකු කුෂන් තියලා තියෙනවා ගර්භය තුවාල වෙනවට. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂනය යටතේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ.

බලන්න. මේ අය ඒකත් තමන්ගෙ ඡුන්ද ගොඩ වැඩි කර ගන්න උපක‍්‍රමයක් විදියට යොදා ගන්න හදන හැටි. බාල වැඩ කරන්නේ දැක්මක් නැති අය. දැක්මක් තියෙන නායකයෙක් හිටියනම් දැක්මක් තියෙන ජනතාවක් හැදෙනවා. එහෙම කෙනෙක් නැති එකම තමයි අවුල.

එයාලා නිධාන කතාව ප‍්‍රමෝට් කරන්නෙම එයාලගෙ නිධාන කේස් ටික වහගන්න. ඒව වහන්න බෑ. ගමේ මිනිස්සු දන්නවා රාජපක්ෂලා නිධන් ගත්ත හැටි. දැන් එහෙම කරන්න බෑ. ආයෙත් එහෙම කරන්න තමයි ඔය බලය ඉල්ලන්නේ. මේ රටේ මිනිස්සු ඒ තරම් මෝඩ නෑ.

දිනන්නෙ සජිත්. සජිත් අපට විශ්වාසයි. හංසයට කතිරෙ ගහන්න. සජිත් දිනවන්න. එන්න.

(Visited 11 times, 1 visits today)

Related posts

Leave a Comment