වර්ධරාජා පෙරුමාල්ගේ ඊළාම් සිහිනය ගෝඨාභයගේ කර මතට: රහස් ගිවිසුමකුත්!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන අනෙකුත් පක්ෂ සහ සංවිධාන මොනවාද? ඔහු වෙත සිය සහයෝගය ලබා දීම සඳහා ඉදිරිපත් කරන ලද එකඟතාවන් මොනවාද? ඒවායේ අන්තර්ගතයන් මොනවා දැයි ජනතාවට හෙළි නොකර සිටීමේ ප්‍රයත්නයක එම දෙපාර්ශවය නියැලී සිටින බව වාර්තා වේ.

එහිදී තමාට හිතවත් මාධ්‍ය ආයතන වල සහය ඇතිව එම ගිවිසුම්ගත පක්ෂ සහ සංවිධාන වල නම් පමණක් සිය ප්‍රචාරණය සඳහා අනාවරණය කරමින් සිටින අතර ජනතාවගෙන් වසං කිරීමට මෙතරම් උත්සහ ගන්නා කොන්දේසි සහ එකඟතාවන් මොනවාද යන්න විමසා බැලීම වටියි.

ඒ අනුව පසුගිය දින වල අඩ බෙර ගසමින්, උත්සවශ්‍රීයෙන් ගෝඨා ට සහය දැක්වීම සඳහා අත්සන් කළ ගිවිසුම් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර වන ගිවිසුම් වල කොන්දේසි සහ එකඟතාවයන් මෙන් ම පසුගිය 16 වනදා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක වර්ධරාජා පෙරුමාල් සහ එම පක්ෂයේ සාමාජියන් හමු වි මහින්ද රාජපක්ෂ මහතා ඇති කරගත් ගිවිසුම ද මේ අතර වෙයි.

මෙහිදී අප වඩාත් අවධානයෙන් පසු විය යුත්තේ පසුගිය කාලය පුරාවටම රාජපක්ෂ කල්ලිය විසින් ත්‍රස්තවාදී නාමයෙන් ඇමතූ වර්ධරාජා පෙරුමාල් සහ සගයන් සමග මේ මොහොතේ ඇති කර ගත්තේ කුමන ආකාරයේ අන්තර්ගතයන් සහිත ගිවිසුමක් ද යන්නයි.

දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (Sඪ්ඵ්ඨ්) ජාතික සංවිධායක මහතාට එරෙහිව නඩු පැවරීමට සුදානම් වන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පිහිටවු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වර්ධරාජා පෙරුමාල් පත් විමෙන් පසු උතුරු නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහු විසින් එම ප්‍රකාශය තවමත් ඉල්ලා අස්කරගෙන නොමැත.

ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ හෙවත් Eඵ්ර්‍ළ්F සන්නද්ධ සංවිධානයෙහි ආරම්භක නායකයකු වූ වර්ධරාජා පෙරුමාල් වෙනම ඊළාම් රජයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ආරක්ෂක හමුදාව සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම් අතර වු ගැටුම් වලින් ආරක්ෂක හමුදා සැබලුන් විශාල පිරිසක් දිවිපිදුහ. ආරක්ෂ අංශ වෙතින් බේරි සිටිමට නොහැකිව ඉන්දියාවට පලායමෙන් පසු වසර ගණනාවක් ඉන්දියාවේ දේශපාලන රැකවරණ යටතේ ජිවත්විය. මේ වන විට ඔහු ලංකාවට පැමිණ යාපනයේ දේශපාලන කටයුතුවලට එක්ව සිටි.

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment