වසරකට පෙර පාර්ලිමේන්තුවේ යකා නැටූ රාජපක්ෂලා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සැණෙන් උඩු යටිකුරු කොට දේශපාලන ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ ඒ කළු ඔක්තෝබරයට වසරක් පූරණය වීමට ඇත්තේ තවත් දින කිහිපයකි. 2015 ජනවාරියේ දී ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්ද අවියෙන් ඒකාධිපති පවුල් පාලනය එලවා දමා උදා කරගතතා වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශය, ජනාධිපතිවරයාගේ එක පෑන් පහරකින් රාජපක්ෂලා ට යළි පාවා දීමෙන් ඇරඹුණු ඒ දුර්ගඳ දින පනස් දෙක රටේ දේශපාලන ඉතිහාසයටත්, ජාත්‍යන්තරය ඉදිරියේ පසුගිය සිව් වසරකට ආසන්න කාලයක් තුළ අප ක්‍රමයෙන් ගොඩනගා ගත් කිර්ති නාමයට කළ ඒ පළුද්ද නැවත සකස් කරන්නට බැරි තරම් විශාල එකකි. රාජපක්ෂලා ගේ පීඩනයෙන් මිරිකෙමින් සිටි පොදු ජනයා වෙනුවෙන් රැස් වූ අති බහුතරයක් ප්‍රගතිශීලි ජනතාවගේ ඡන්දයෙන් එම පාලනය නිමා කොට ජනතාව ජිවත් වීමේ බියෙන් තොරව ජිවත් වන්නටත්, අදහස් ප්‍රකාශ කරන්නටත් පටන් ගත්තා පමණි.
තම ජිවිතයට තර්ජනයක් ඇති බව පවසමින් ජනාධිපතිවරයා පසුගිය වසරේ සැප්තැම්බර් 12 වෙනිදා කැඳවා තිබු මාධ්‍ය සාකච්චාවක් ඉදිරියේ කියා සිටිමින් ව්‍යවස්ථා කුමන්ත්‍රණය නාටකයේ පොතේගුරු භූමිකාව රංග දැක්විය. පසුව මින් පෙර නම් නොදන්නා දුෂණ විරෝධී පෙරමුණ යයි අටවා ගත් ඊනියා සංවිධානයේ නාමල් කුමාර නැමැත්තා පැමිණ ජනාධිපති සිරිසේන ට හා ගෝඨාභය රාජපක්ෂට ජිවිත තර්ජන ඇති බව පැවසුවේය. ඉන් වයින් වූ ජනාධිපති සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ ටත් නොදන්වා මහින්ද රාජපක්ෂ අගමැති පුටුවේ වාඩි කෙරෙව්වේ, “ හදිසියේ හෝ තමා 2015 ජනපතිවරණයෙන් පරාද වුවා නම් ඊට පසු දින ම රාජපක්ෂලා විසින් අඩි 6 ක් පොළෝ යටට වළලනවා” බව තමා එදා කියූ බවත් අමතක කරමිනි. එපමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශයක අපේක්ෂාවෙන් තමා ජනාධිපති බවට පත් කළ අති බහුතරයක් වූ ජනතාවගේ අපේක්ෂාවන්ට පිටු පාමිනි.
අනතුරුව එළඹුණේ රාජපක්ෂලා ප්‍රජාතන්ත්‍ර විරෝධිව ඩැහගත් බලය රැක ගැනීමට ගත් ලජ්ජා සහගත උත්සාහයන්ගෙන් පිරි කාලයයි. බහුතර බලය පාර්ලිමේන්තුවේ නැති රාජපක්ෂලා කොටි ප්‍රකෝටි ගණන් මුදල් ගෙවා දේශපාලන අනාථයන් තම පිළට මිලදී ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නට උත්සහ ගනු දක්නට ලැබිණි. එහෙත් පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට නොහැකි වූ ඔවුන් දිගින් දිගටම සිදු කළේ පාර්ලිමේන්තුව තුළ කඩා කප්පල් ක්‍රියා කරමින් කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට ගත් ගෝත්‍රික උත්සාහයන් සමුහයකි.
එහිදී මන්ත්‍රී නිශාන්ත රණවිර වැනි දේශපාලන තකතිරුවන් උතුම් පාර්ලිමේන්තු ගර්භය තුළ තුළ වනචාරින් සේ හැසිරුණේය. කතානායක අසුනට වතුර හැලුවේය. ජ්‍යෙෂ්ට දේශපාලකයන්ට මිරිස් කුඩු ගැසුවේය. ජොන්ස්ටන් වැනි අශිෂ්ට දේශපාලකයන් පුටු පොළේ ගසමින් තමන්ගේ ජන්ම ගති පෙන්නුවේය. ඒ අතර විමල් විරවංශ වැනි ජාතිවාදී දේශපාලකයන් බයිබලය පොළේ ගැසුවේය. රටේ උත්තරීතර ලේඛනය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සෙල්ලම් බඩුවක් කර ගත්තේය. තමන්ගේ සගයින් උත්තරීතර බිමේ පිස්සු නටන විට හොර අගමැති මහින්ද රාජපක්ෂ සභා ගර්භය වෙතට වී සතුටින් බලා සිටියේය.
මිට වසරකට පෙර ඒ සියල්ල කළේ හෙට විනයවත් රටක් හදන්ට බලය ඉල්ලන්නේ එදා අශිෂ්ට රාජපක්ෂ කල්ලියයි. ඉදින් අද විනය ගැන පුරසාරම් දොඩන රාජපක්ෂ කල්ලිය හෙට විනයවත් රටක් තනන්නේ කෙසේද ? තීරණය ඔබ සතුයි.

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment