එදත් අදත් අඹ යාළුවො වූ හිස්බුලාගේ සහ රාජපක්ෂලාගේ මිතුරු සමාගම.

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහුට විරෝධය පාමින් ජනතාව වීදි බැස්සේය. ඒ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා අනතුරට පත් වූ තම සහෝදර ජනතාවට මේ ඉරණම අත් කර දුන් අන්තවාදියාට සහය දුන් හිස්බුල්ලාට තව දුරටත් මහජන නියෝජිතයෙකු සේ පෙනී සිටීමට ඉඩ ලබා නොදෙන ලෙසත් වහා ම ඔහු අත්තඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමිනි. එවක දී හිස්බුල්ලා දේශද්‍රෝහියෙකු බව රාජපක්ෂ කඳවුරේ හොරණෑව වන විමල් වීරවංශ පවා දෙඩුවේය. නමුත් අද හිස්බුල්ලාගේ සහය විරවංශයේ හාම්පුතාගේ මලණුවෝ මේ රටේ ජනාධිපති කිරීමටය. එසේ බැලූ කළ පොහොට්ටු වේදිකාවේ අන්තවාදිනුත්, ඊනියා දේශප්‍රේමිනුත් එකට දීග කන්නේය.
මේ අද ඊයේ පටන් ගත් දීගයක් නොව කාලාන්තරයක් තිස්සේ නම් ප්‍රසිද්ධ නොකළ හොර රහසේ කෑ දිගයකි. මේ දීගයේ ඥාතීකමේ තරම කෙස්ද යත් එවක දී ගෝඨාගේ ආරක්ෂක අමාත්‍යංශයේ මුදලින් පඩි ගෙවා අන්තවාදී සහ්රාන්ලාගේ අන්තවාදී ක්‍රියා පෝෂණය කළ බව අද මුළු රටම දන්නා රහසකි. එම අන්තවාදීන් විසින් මඩකලපුවේ තැනූ හිස්බුල්ලාගේ බැටිකලෝ කැම්පස් ආතනය දිව්වේ ද රාජපක්ෂලාගේ ආශිර්වාදයෙනි.
එබැවින් එපමණ හිත මිත්‍රකමක් පෑ රාජපක්‍ෂලා විසින් හිස්බුල්ලලා සහරාන්ලා කරන ක්‍රියාවන් ගැන කිසිවක් දැන නොසිටියා නම් කියා සිතීම ගොන් කමකි. මන්ද ගෝඨාගමනයේ පූරව ප්‍රචාරක පටය වූ පාස්කු ප්‍රහාරය යනු එවක තමාට අනුග්‍රහය දැක්වූ රාජපක්ෂලාට සහරාන්ගෙන් ලැබුණු තිළිණයක් නිසාවෙනි.
මෙහි උත්ප්‍රාස ජනකම සිද්ධිය නම් පාස්කු ප්‍රහාරයට මත්තෙන් ආරක්ෂක කවුන්සිලය එදා නිදා සිටි බවට චෝදනා නගන මහින්ද රාජපක්ෂ මහතා තිලංග සුමතිපාල වැනි අයත් සමග එහි අසුන් ගෙන සිටීමයි.

(Visited 10 times, 1 visits today)

Related posts

Leave a Comment