සහරාන්ගේ සොහොයුරා හමුවට ගියායැයි කියා දේශපාලන වාසි ගන්න හදනවා

වෙනත් රෝගියකු බැලීමට ගිය අවස්ථාව

ප්‍රහාරයකට ලක් වූ සිය පක්ෂයේ ක්‍රියාකාරි කාන්තාවක් බැලීමට ‍රෝහලට ගිය අවස්ථාවේදී අසල ඇඳක ප්‍රතිකාර ලබමින් සිටි සහරාන්ගේ සොහොයුරා සිටීම උපයෝගී කරගනිමින් විපක්ෂය තමන්ගේ චරිතය ඝාතනය කරමින් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ ගන්නා බව ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසීය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ‍ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අන්තවාදී නායක සහරාන්ගේ සහෝදරයෙක් සම්බන්ධ කරමින් රූපවාහිනි නාලිකාවක ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනයේ තමන් පමණක් නොව (ශ්‍රී ලංකා ‍ෙපාදුජන පෙරමුණේ) පොහොට්ටුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවිධායක එම්. එස්. එම්. ෂියාඩ් (M. S. M. Ziyad) නමැති අයද සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා කීය.

දේශපාලන ක්‍රියාකාරී පුද්ගලයෙක් ලෙස ප්‍රහාරයකට ලක්වූ සිය පක්ෂයේ ගැබිනි මාතාවක බැලීමට අදාළ රෝහලට ගිය බවත් එම අවස්ථාවේ අසල ඇඳක සහරාන්ගේ සහෝදරයාද ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් හකීම් මහතා පැවැසීය. තමන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ඉබ්‍රාහිම් මිෆ්ලාල් මව්ලවිවරයා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණයට එරෙහිව ක්‍රියා කළ පුද්ගලයකු බවත් පැවැසීය.

මෙම විස්සෝප දේශපාලන කුමන්ත්‍රණකාරීන් විසින් සිය දේශපාලන ජීවිතයට කීර්තියට හානිකර දේශපාලන වාසියක් ලබාගැනීමට නම් මේ අවස්ථාවේ කටයුතු කරන බවද පැවැසීය. මාධ්‍ය වෙත අදාළ වීඩියෝ දර්ශනය ඇතුළත් ඡායාරූප පෙළක් ඉදිරිපත් කළ රවුෆ් හකීම් මහතා එම ඡායාරූපවල අදාළ පුද්ගලයින් සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද පෙනී සිටින බව පැවැසීය.

නාගරික සංවර්ධන හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා මෙසේද පැවසීය. මේ පාස්කු කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා දිනේෂ් ගුණවර්ධන මහතාද ප්‍රශ්නයක් මතු කළා. වාර්තාවේ විශ්වසනීයභාවය ගැන ප්‍රශ්න කළා. මෙය දේශපාලන අරමුණකින් මගේ කීර්තිනාමයට කැලලක් ඇති කිරීමට කුමන්ත්‍රණකාරිව සැකසු විෂය මාලාවක් වෙනවා.

මම වසර 25ක් පාර්ලිමේන්තුවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරනවා. මට චෝදනාවක් මීට පෙර කරළා නෑ. මේ කමිටුවේදී පවා මම කිසිම සාක්ෂිකරුවකුට බලපෑම් කරලා නෑ. පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගනිමින් වාර්තාව ඉදිරිපත් කරන්න කටයුතු කළා. ඔබත් එය දකින්න ඇති. මේ පසුබිම තුළ අද කමිටු සභාපතිතුමා ‍චෝදනා ප්‍රතික්ෂේප කළා. මෙය පටු දේශපාලන උවමනා මත සිදු කළ දෙයක්. මෙය ජනතාව කුපිත කරලා ඡන්දය ගන්න මාන බැලීමක්.

ඉබ්‍රාහිම් ඉෆ්ලාහිම් ගරු මන්ත්‍රී තුමා මට විරුද්ධව ‍චෝදනා කළා. මෛත්‍රී මහතාගේ ඡන්ද ව්‍යාපාරයට එරෙහිව කටයුතු කළා. ඔහු විපක්ෂනායක තුමා සමඟ ඇසුරු කරන පුද්ගලයෙක්.

සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළ සහරාන්ගේ සහෝදරයා ගැන වීඩියෝවක් ප්‍රදර්ශනය කරනවා. අල්සහිර් මන්ත්‍රීතුමායි, එජාප මන්ත්‍රී අමීර් අලි ඇමැතිතුමයි දින්නට හිස්බුල්ලා පරාද වුණා. එතුමාට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලැබුණා.

එසේ මන්ත්‍රී ධූරයක් ලැබුණු පසුව ක්‍රියාත්මක වූ ප්‍රහාර වලින් තුවාල ලැබූ ගැබිනි මාතාවක් බැලීමටයි මා රෝහල වෙත ගියේ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චන්දිමා කරුණාරත්න

(Visited 33 times, 1 visits today)

Related posts

Leave a Comment