පක්ෂය ආරක්ෂා කර ගැනීමට ගෝඨාභය ඝාතනය කල යුතුයි – හිරු ප්‍රවෘත්ති

එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය අද උත්සවාකාරයෙන් විවෘත කෙරෙනි. එම උත්සවයට සිරිසේන ජනපතිගේ නියෝජිතයෙක් ලෙස පව්සි සහභාගි විය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ යුතු බව ඔහු පැවසුවේය. මෙම උත්සවය ආවරණය කිරීමට මාධ්‍ය ආයතන ගනනාවක් පැමිණ තිබුනි.

ගෝඨාබය පිම්බීමට අධෝවායුවක් හෝ යොද ගත හැකි නම් ඊට උපරිම ප්‍රචාරයක් දීමට හිරු සහ දෙරණ නාලිකා සූදානම්ය. ගෝඨාබයට රෙදි නැතිව කඩේ යන හිරු නාලිකාවද අද දින උත්සවය ආවරණය කිරීමට පැමින තිබුණි . මෙම උත්සවය පිලිබද පුවතක් අද රාත්‍රී හිරු ප්‍රවෘත්ති හරහා විකෂණය කෙලේය . නමුත් ගෝඨාභය පරාජය කල යුතු යයි පවුසි කී කථාව හිරු රාත්‍රී පුවත් හරහා වාර්තා කලේ ඔහු ඝාතනය කළ යුතු යයි කී පරිද්දෙනි

ෆව්සිගේ උච්චාරණය අපහැදිලි වීම නිසා හෝ හිතා මතා හිරු ආයතනය එසේ කරා විය හැක. ගෝටාගෙන් ලකුනු දාගැනීමට පුවත වාර්තා කලද අවසානයේ සිදු වූයේ අනෙකකි. පුවත විකාෂණයත් සමගම පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගෙන් හිරු ආයතනයට ඇමතුම් ගලා ආහ. රෙනෝ සිල්වාට රෙද්දේ රෙවුනේ එවිටය. රාජාගේ ආරක්ෂාවට සිටි මෝඩ වදුරාගේ සන්තෑසිය රෙනෝට සහ ගෝටාබයට අත්විය. වහාම අදාල වීඩියෝව අන්තර් ජාලයෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු යෙදූහ

හිරු ප්‍රවෘත්ති අංශය හැකි සෑම තැනකින්ම මෙම විඩියෝව ඉවත් කළද ඒ වන විටත් එය මහින්දගේ කනට ගොස් තිබුනි. වීඩියෝව අතුරුදහන් කළද මහින්දගේ සුපුරුදු කුණුහරුප පූජාව අඩු නැතිව දෙදෙනාටම ලැබුනු අප වෙත වාර්තා වූයේ ඇසින් දු‍ටු අයවළුන්ගෙනි

(Visited 5 times, 1 visits today)

Related posts

Leave a Comment