සියවසේ මහා පාවා දීමට එරෙහි සටන ඇරඹේ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් කැලිෆෝනියාවේ දි තමාගේ ගැලවීම සඳහා ශ්‍රි ලංකාවේ රණවිරුවන් පාවා දීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබෙනවා.

සියවසේ සිදුවූ මේ මහා පාවා දීමට එරෙහිව මේ වන විටත් රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ වී ඇති අතරම ගෝඨාභය රාජපක්ෂගේ මෙම බලලෝභි ක්‍රියාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් ද ආරම්භ කොට තිබෙනවා.

එසෙම ඒ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඔක්තෝබර් 25 (අද) සවස 3.00 ට මහජන පුස්තකාල ශ්‍ර‍වණාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.

බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතියේ මහාවිරුවා ලෙස පෙනී සිටිමින් යුද්ධය අවසන් කළ මහා සෙන්පතියා ලෙස ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට උත්සහ කරන ගෝඨාභය රාජපක්ෂ සිය පටු පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් සිය සහෝදරයාගේ බලය අනිසි ලෙස යොදා ගනිමින් අමු අමුවේ මනූෂ්‍ය ඝාතන සිදු කොට එය හමුදාව වෙත පැටවීම ඉතා නිර්ලජ්ජිත ක්‍රියාවලියක් ලෙස හෙලා දැකිය යුතුමය.

(Visited 19 times, 1 visits today)

Related posts

Leave a Comment