නීතිවිරෝධී ග්ලයිපොස්පේට් තොගයක් අත්අඩංගුවට..

නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබී තහනම් වල්නාශකයක් වන ග්ලයිපොස්පෙට් පොහොර පැකට් 458 ක් (කිලෝ 45ග්‍රෑම් 800) සමග අතඅඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා සෙට්ටිකුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඒකාබද්ධව සිදුකරන ලද සෝදිසියකදී වවුනියාව ගුවන්හමුදා කඳවුර ඉදිරිපිට පිහිටි වෙළඳ සැලක සඟවා තිබියදී මෙම ග්ලයිපොස්පේට් තොගය එම වෙළඳසැලේ හිමිකරුද සමග අත්අඩංගුවට ගෙන ඇත.

සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්යා බලකා කඳවුරේ පොලිස් පරික්ෂක කරුණාතිලක සහ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ උපපොලිස් පරික්ෂක තෙන්නකෝන් ඇතුලු පිරිසක් විසින් මෙම ග්ලයිපොස්පේට් තොගය සොයාගෙන ඇත.

අදාල ග්ලයිපොස්පේට් තොගය දඹුල්ලේ සිට රැගෙන ආ පොහොර තොගයක අතරමැද සඟවා වවුනියාවට රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සමග ග්ලයිපොස්පේට් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා සෙට්ටිකුලම් පොලීසිය වෙතට භාර දීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

(Visited 27 times, 1 visits today)

Related posts

Leave a Comment