පාවා දෙන්නන්ගේ දේශපාලනය

හැම මැතිවරණයකම වාගේ මේ මැතිවරණයේදී ද එ.ජා.ප. ප්‍රතිවාදීන් විසින් ඔවුන්ට විදේශ කුමන්ත්‍රණ කරුවන්, රට පාවා දුන් අය ආදී ලෙස නාමකරණයන් කියමින් රට වටා යනු පෙනේ. එය සත්‍යක්ද ?  එලෙස ඔවුන් ඇත්තටම  රට පාවා දුන්නා ද අප සොයා බැලිය යුතුය. නැතහොත් ඇත්තටම ජාත්‍යන්තරය ඉදිරියේ රට පාවා දුන්නේ කවුරුන් දැයි දැන ගැනීම රටට හිතැති අපේ වගකීමයි.  ඒ වගේ ම යුද්ධය ජයග්‍රහණය කර රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රණවිරුවන්ව ජාත්‍යන්තරය ඉදිරියේ යුද අපරාධ කරුවන් කිරීමට ජාත්‍යන්තරයට ලයිසන් දුන්නේ කවු ද? ඉදින් අපි සොයා බලමු.

රටම ප්‍රීතියෙන් ඇළලී ගියේය. 2009 මැයි 18 තිස් වසරක් පුරා රට භීතියෙන් පොඟවා තිබූ යුද්ධය නිමා විය. රණවිරුවන් සිය නිවෙස් බලා එන්නටත් මත්තෙන් ලංකාවට ආවේ එවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේඛම් බන් කි මූන් ය. ඔහු උතුරේ සංචාරය කළේය. නැවත කොළඹට පැමිණියේය. පැමිණි වහා ම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග 2009 මැයි 23 වන දින තීරණාත්මක ගිවිසුමකට එළඹියේය. ඒ ගිවිසුම 2001 – 2003 සමයේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ රටේ ස්වෛරීත්වයට හානි දායක වන බැවින් එදා අත්සන් නොකර සිටි “රෝම ගිවිසුම” ට යලි වක්‍රාකාර පණ දීමකි. එම රෝම ගිවිසුම තුළ වන නිෂ්ක්‍රිය උගුලක් වන වන 12 වන වගන්තියට මහින්ද යළි පන දුන්නේය. ඒ අනුව යලි ආපසු ගිය වහා බන් කි මූන් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට “දරුස්මාන් කමිටුව” පිහිටුවේය. ඒ අනුව ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ දරුස්මාන් කමිටුවට ශ්‍රී ලංකාව්දී සිය පරීක්ෂණ මෙහෙය විය හැකි විය. එහිදී මහින්ද රාජපක්ෂගේ ගිවිසුම අනුව, යුද්ධය අවසාන භාගයේ දී දෙපිළ ම අතින් උතුරේ ප්‍රදේශ වල සිදු වූ යුධ අපරාධ හා මානව හිමිකම් කඩ වීම පිලිබඳ සොයා බැලිය යුතුය.  දෙවැන්න ඒවා සොයා බැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් මෙන් ම විදේශීය යාන්ත්‍රණයක් ද අවශ්‍ය විය යුතුය. ඒ අනුව මෙරට රජය විසි ස්ථාපිත කළේ LLRC ය පිහිටු වීමයි. එයින් ඉතාම වැදගත් නිරීක්ෂණ සහ නිගමනයන් ඉදිරිපත් කළේය.

ඒ සමග දරුස්මාන් කමිටුව ද නිර්දේශ නිකුත් කළේය. එහිදී දරුණු ම චෝදනා 06ක් LTTE වෙත කර තිබුණි. ඒවාට වග වීමට එවිට LTTE නායකයන් මෙළොව සිටියේ නැත. ඉතිරිව සිටි LTTE නායකන් කිහිප දෙනා ද සිටියේ මහින්දගේ සරම යටය. තවමත් බහුතරයක් දෙනා නොදන්නා සත්‍ය එයයි. මහින්දගේ බල ලෝභය නිසා උතුරු නැගෙනහිර ඡන්ද කඩා ගැනීම සඳහා එම LTTE නායකයන් වූ කරුණා අමාන් සහ පිල්ලියාන් ඇමක් බවට පත් කර ගත්තේය. කොටින් ම කියනවනම් යුධ සමයේ විරුද්ධ පිලේ සිට රණවිරුවන්ට කොකා මෑනූ කරුණා අම්මාන් ව  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති තනතුරට පත් කර ගත්තේය. ඒ වෙන කවුරුත් නොව රාජපක්ෂලාමය. මේ සියල්ල ජනයාගෙන් වසං කරමින් රාජපක්ෂ පිලේ කේවට්ටයන් ජාත්‍යන්තරය විසින් තමන්ට කුමන්ත්‍රණය කරන බව ප්‍රචාරය කළේය. රණවිරුවන් දඩයම් කිරීමට සැරසෙන බව කිවේය. ඒ සියල්ල කීවේ ඒ රණවිරු දඩයමට නිත්‍යානුකුල භාවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2009.05.23 වන දින සියතින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ට ලබා දීම නිසාය.

එසේනම් ඇත්තටම රණවිරු දඩයමට පාර කැපුවේ කවුද? යන්න දැන් පැහැදිලිය. එවන් අසික්කිත තත්ත්වයක් ඇති කර තිබිය දී එ.ජා.ප. යට රට පාවා දුන්නා යැයි චෝදනා කිරීම සාධාරණ ද? රාජපක්ෂලා ගේ දේශපාලනය නම් තමන්ගේ කුණු අනුන්ගේ පිටින් යැවීමය. එය එ.ජා.ප. ය ද ? මෙකල රජය ද ? එකල රජය ද ? අදාල ම නැත. ඒ ඔවුන්ගේ දේශපාලනයයි. නැතිනම් තමා විසින් මැරවූ ලසන්ත වික්‍රමතුංග ගේ මරණය ට වගකිව යුත්තේ එකළ රජය යැයි කියා තමාගේ ගැලවුමට රට පාවා දුන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එබැවින් ඇත්තටම රට පාවා දුන් දේශද්‍රෝහීන් කවුද යන්න තීරණය කිරීම ඔබ සතුයි. 

(Visited 30 times, 1 visits today)

Related posts

Leave a Comment