ගොවි ගැටලුවලට පැලැස්තර විසඳුම්දෙන හොර වෙද්දු මේ දිනවල වැහි වැහලා

පෙසප ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව

ගොවියාගේ ප්‍රශ්න ගැන හැම අපේක්ෂකයෙක්ම අදහස් දක්වමින් සිටියත් ඒ අය කරන්නේ කෘෂි ක්ෂේත්‍රයේ ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදී ගොවියා තාවකාලිකව රැවටීම පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (23) පොළොන්නරුව මැදිරිගිරියේ දියසෙන් පුර පැවති රැස්වීමකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාගමුව මහතා මෙසේ පැවසීය. පෙරටුගමි සමාජවාදී පක්ෂය කුළුගෙඩිය ලකුණින් අපි ඉදිරිපත්වී සිටින්නේ කෘෂි ක්ෂේත්‍රයේ මතුවි තිබෙන නිධන්ගත ගැටලුවලට පැහැදිලි විසඳුම් ලබාදිමටයි. ඒ නිසා තමන්ගේ ගැටලුවලට සැබෑ විසඳුම් ලබාදෙන අපේක්ෂකයා තෝරාගත යුතුයි.

මේ දවස්වල කෘෂිකර්මාන්තයේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න කියලා එන කෘෂි විශේෂඥයෝ වැහි වැහලා. මේ පොළොන්නරු දිස්ත්‍රික්කය පුරා එක එක අපේක්ෂකයෝ ඇවිත් කරන රැස්වීම්වලදී කෘෂිකාර්මික ගැටලු ගැනත් ඒකට දෙන විසඳුම් ගැනත් එක එක දේ කියනවා. එක එක පොරොන්දු දෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආවෙ ඒ හොර විශේෂඥයෝ වගේ ගැටලු ගැන කියලා ගොවියාව ගසා කන්න නෙමෙයි.

ගැටලුවේ නිධානය ගැන කියලා එකට තියෙන ඇත්ත ප්‍රතිකාරය ගැන කතාකරන්නයි. ගෝඨාභය රාජපක්ෂ කියනවා සහනාධාරයට පොහොර නිකන් දෙන්නම් කියලා. අද ගෝඨාභය සමඟ ඉන්න රතන හාමුදුරුවෝ සහනාධාරයට දෙන පොහොරවල වස තියෙනවා කියලා පොහොර දෙන එක නවත්තන්න හැදුවා. ඒ කාලයේ පොළොන්නරුවේ ජනතාව සල්ලි එපා පොහොර දියව් කියලා පාරට බැහැලා උද්ඝෝෂනය කළා. අද ඒ රතන හාමුදුරුවෝම ඇවිත් වස තියෙනවා කියපු පොහොර නිකම් දෙන්නම් කියනවා.

ඒගොල්ලෝ එදා කියන එකද හරි අද කියන එකද හරි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ගොවියෝ මෝඩයෝ කියලා. සජිත් ප්‍රේමදාස ඇවිත් කියනවා වී කිලෝවකට රු 50ක සහතික මිලක් දෙන්නම්, ඒක ව්‍යවස්ථාවටත් දාන්නම් කියල. 2015 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇවිත් ඔය පොරොන්දුවම දුන්නා. ඒගොල්ලෝ 2015 ඇවිත් සහතික මිලක් දෙන්නම් කිව්වා. එක නොදී 2019 ඇවිත් ඒකම කියනවා. නැවත 2025දීත් සජිත් ප්‍රේමදාසල ඔය පොරොන්දුවම කියාගෙන එයි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නෙත් ගොවියෝ මෝඩයෝ කියලා. මේ ගල් පැලෙන බොරු කියන්නේ එක්කෝ ඒගොල්ලන්ට ලැජ්ජා නැහැ. නැතිනම් අපිට ලැජ්ජා නැහැ. ඒගොල්ලන්ට ලැජ්ජා නැතිවුණාට කමක් නැහැ. පොළොන්නරුවේ ජනතාවට ලැජ්ජාවක් තියෙනවා. ගොවියෝ මෝඩයෝ නෙමෙයි කියලා නොවැම්බර් 16 වැනිදාට ඡන්දයෙන් පෙන්නවමු.

අනුර ප්‍රේමලාල්

(Visited 12 times, 1 visits today)

Related posts

Leave a Comment