එකම පවුලේ 3ක් ගමේ මරණාධාර සමිතියේ තනතුරු වලට දැම්මොත් කොහොමට තියෙයිද?

නොවැම්බර් 16 වැනිදායින් පසු ඔවුන්ගේ සිහිනය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. අගමැති මහින්ද රාජපක්ෂය. ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්ෂය. වරාය හා සිවිල් ගුවන් සේවා සහ තවත් මොකක් හෝ හොදම ඇමති කමක් චමල්ටය. තරුණ කටයුතු ඇමති කම නාමල්ටය. ( ඊට වඩා පශු සම්පත් ඇමතිකම ගැළපේ ). තවත් ඇමති කම් මැදමුලනේ වලං හේදූ වීරවංසලාට ද, ඩලස්ලාටද, විජේදාසලාටද, එස්.බීලාටද හිමි වනු ඇත. මේ උන්ගේ සිහින ආණ්ඩුවයි. මව්බිමේ වාසනාවට එය සිහිනයක් පමණක් වීමම සෑහේ.
පවසන්නට යන්නේ එය නොවේ. ආණ්ඩුවක ප්‍රධාන තනතුරු එකම පවුලකට හිමි වන විට සිදුවන දේ පිළිබඳව අවබෝධයක් ලබා දීමටය. ඊට කදිම නිදසුනක් මෙසේ දැක්විය හැකිය.
ගමේ මරණාධාර සමිතියේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, උප ලේකම් වැනි සියලු තනතුරු වෙනුවෙන් එකම පවුලක පුද්ගලයන් පත් කර නොගන්නේ ඇයි? එසේ පත්වන වාට ඔබ අකමැති වන්නේ ඇයි ? අප රටටද අදාළ කරන්නේ එයයි. සමිතියේ තනතුරු වලට පවුලේ අයද කාරක සභාවට තමන්ගේ පස්ස ලෙවකන්නන්ද දමා ගත හොත් සාමාජිකයන්ට සිදු වන්නේ උඩ බලා සිටීමට පමණකි. ඊට විරුද්ධව කතා කළ හොත් ගුටි පූජාවක් නියතය.

රාජපක්ෂලා කරන්නේත් එයම නොවේද? ඉදින් ගමේ සමිතියකවත් නොකරන දෙයක් රටක් වෙනුවෙන් කරන්නේ කොහොමද? මේ රට පවුලකට පාවා දෙන්නට අප කැමති නැත්තේ එහෙයිනි.
එන්න පවුල්වාදයෙන් තොර දේශයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න. හංසයා දිනවන්න

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment