ඒ බටන් ,මේ බටන් සහ සජිත් බටන්

“බටන් එක එබූවිට , මිඩ් වයිෆ් ඉන්න තැන සොයා ගන්න ක්‍රමයක් හදනවා.” යැයි සජිත් පැවසු විට

වට පිටේ බටන් ඔබන්නට ගොස් ගෙදර බටන් එක ඔබන්නට අමතක වූ විමල්ට හිතුනේ අම්මට හුඩු සජිත් මිඩ් වයිෆ්ලාගේ බටන් ඔබන්නට යනවා කියා ය. අපට නැති ආතල් දෙන්නේ කොහොමදැයි සිතූ විමල් මේ බටන් කතාව වේදිකාවේ තොරොම්බල් කරන්නට විය.වේදිකාවෙන් නොනැවති මේ කතාව TV commercial එකක් බවටත් පත් විය.

පොහොර සහනාධාරය ලබාගැනීමට බදාදා දින තුනක් ගොවිජන සේවා කාර්‍යාලයට ගිය මට ගොවි නියාමකගෙන් අත්සන ලබා ගැනීමට නොහැකි වූයේ ඔහුගේ එකම කාර්‍යාල දිනයේ ද ඔහු කාර්‍යාලයේ නොමැති වීමෙනි. ත්‍රීවිල් කුලී ගෙවා ඔහුගේ නිවසට ද , එම නිවසෙන් ලද තොරතුරු අනූව ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට ද ගොස්  රස්තියාදු වී අවසානයේ CIC  වෙළඳ සැලෙන් වැඩි මිලට පොහොර ගැනීමට සිදු විය.

කුඹුරු ගොවියන් දෙදෙනෙකු පමණක් සිටින මගේ වසමේ පොහොර සහනාධාරය අත්සන් කර ගැනීමට ගොස් මට සිදු වූ අවනඩුව දන්නා මම සියල්ල නොවූවද  ඇතැම් ක්ෂේත්‍ර නිලධාරින්ගේ කෙරුවාව ගැන හොඳින් දනිමි.

නිශ්චිත කාර්‍යාලීය රාමුවකට යටත් නොවූ සමෘද්ධි නිලධාරින් ,කෘෂිකර්ම පර්‍යේෂණ නිලධාරින් ,ක්‍රීඩා නිලධාරින් ,සංවර්ධන නිලධාරින් ආදී බොහෝ ක්ෂේත්‍ර නිලධාරින් හදීසි අවස්ථාවක සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඇති දුෂ්කරතාවය පිළිබඳ අත්දැකීම් අපට ඇත. එහෙත් එම අත්දැකීම පිළිබඳ සංවේදී දේශපාලඥයන් මා දැක නැත.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ,විනයගරුක කිරීමට සහ විධිමත් කිරීම ට නම් මෙම ක්ෂේත්‍ර නිළධාරීන් ගේ සම්බන්ධීකරණය විධිමත් කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවකි.

එම විධිමත් කිරීමට තාක්ෂණය යොදා ගන්නා අයුරු සාමාන්‍ය ගැමි ජනයාට  තේරෙන භාෂාවෙන් පැවසූ සජිත්ගේ බටන් කතාව ජෝක් එකක් නොව , මහ පොළවේ සැබෑ නායකත්වය පිලිබද ප්‍රායෝගික අත්දැකීමක් ඇති මිනිසකුගේ ප්‍රකාශයක් ලෙස තේරුම් ගත යුතු ය .

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment