බඩ ගෝස්තරවාදි දේශපාලනය සහමුලින්ම තුරන් කරනවා

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

බඩ වඩා ගැනීමේ දේශපාලන සංස්කෘතිය සහමුලින්ම තුරන් කරන බවත් එසේ කරන සියලු දෙනා ඉවත්කර ජනතා සේවයටම කැපවූ පිරිසක් තම නව රජය වටා එක්කර ගනිමින් පරාර්ථකාමි නව දේශපාලන සංස්කෘතියක් බිහිකරන බවත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොවූ ආකරයට තම රජය යටතේ සියලු දේශපාලනඥයෝ ජනතාව වෙනුවෙන් පැය 24 පුරාම සේවය කරනු ඇති බවද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එක්සත් ප්‍රජාත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා (25)කඹුරුපිටිය, හක්මන, බෙලිඅත්ත ප්‍රදේශවල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලි අමතමිනි.

මෙම ජනහමු සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ජනතා නියෝජිතවරු 08 දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා සමග අත්වැල්බැදගත්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා:

කඹුරුපිටිය ප්‍රදේශයට ඇවිත් මා ජනතාවට පොරොන්දුවක් දෙනවා. මුළු රටේම ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසයේ වේවැල් හා බට කර්මාන්තයේ නිරත බොහෝ පිරිසක් සිටිනවා. ඒ නිසා එම කර්මාන්තයේ නිරතවෙන බොහෝ දෙනෙකුට අපි විශේෂිත වූ ආර්ථික වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. නොවැම්බර් 16 වැනිදාට තමුන්නාන්සේලාගේ ජන්ද වරම සජිත් ප්‍රේමදාසට ලබාදෙනකොට කඹුරුපිටියේ වේවල් කර්මාන්තකරුවාට නව ජවයක් ලබා දෙනවා. මැටි, ගඩොල් කර්මාන්තය සදහා අමුද්‍රව්‍ය සොයාගැනීමේ අපහසුව ඔබ සියලුම දෙනාට තිබෙනවා. පරිසරයට හානියක් නොවන ආකාරයට ඒ වැඩකටයුතු කරගෙන යන්නට මා උපරිම සහයෝගය ලබාදෙනවා.

අපි කෘෂිකාර්මාන්තයට දෙන්න පුළුවන් උපරිම ප්‍රතිලාභ ලබාදෙනවා. වී ගොවියාට පමණක් නෙමෙයි ගොඩබෝග වගාවට, පළතුරු වගාවට, සුළු අපනයන බෝග වගාව ඇතුළු සෑම වගාවකටම නොමිලේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. නිල්වලා ගග යෝජනාක්‍රමයේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරනවා. අස්වැද්දිය හැකි කුඹුරු අක්කර 20000කට වැඩි ප්‍රමාණය අස්වද්දන්න වප්මගුලට මා ඔබගේ ශක්තියෙන් රටේ ජනාධිපතිවරයා ලෙස සහභාගී වෙනවා.

තරුණ පරපුර වෙනුවෙන් සෑම උපදිසාපති කොට්ඨාසයකම නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාගාර ආරම්භ කරනවා. ඒ තුළ නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාගාර ආරම්භ කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉන්ග්‍රීසි භාෂා සාක්ෂරතාවය, නැනෝ තාක්ෂණය, රොබෝටික් තාක්ෂණය දියුණු කර රටක් හැටියට නව පිම්මක් තබන අවස්ථාවකදී අපේ රටේ අගනුවරට පමණක් සීමා වූ මෙම සම්පත් රටේ සියලුම ප්‍රදේශවල තරුණ පරපුරට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල ලබාදෙනවා.

යහපත් ජන සමාජයක් වගේම අතමිට සරු ජනසමාජයක් නිර්මාණය කරනවා. අපේ ප්‍රතිවාදීන් දෙවතාවක් මේ රටේ ජනාධිපති තනතුර දැරුවා. ජනාධිපති තනතුර අතට ගෙන ඒ හරහා රට පාලනය කළා. දැන් කාලය එළැඔී තිබෙන්නේ මේ රටේ වෙනසක් නිර්මාණය කිරීමටයි. වයස අවුරුදු 52ක පළපුරුද්දක් තිබෙන දේශපාලන නියෝජිතයකු ලෙස මා ජනතාවට පොරොන්දු වෙනවා සජිත් ප්‍රේමදාස බලයට එන්නේ දේශයට සේවයක් කිරීමටයි. ජනාධිපතිවරයා ලෙස මට ලැබෙන්න තිබෙන සෑම ප්‍රතිලාභයක්ම මේ රටේ පොදු ජනතාවට ලබාදීමට මා කටයුතු කරනවා. මේ ජනාධිපති තනතුර මට ආභරණයක් නෙමෙයි. මේ ජනාධිපති තනතුර මට උරුමයක් නෙමෙයි. මේ තනතුර සේවය මා සලකන්නේ මේ රටේ පොදු ජනතාවට දැවැන්ත සේවයක් කළහැකි ශක්තිමත් ආයුධයක් ලෙසයි මා මේ තනතුර දකින්නේ.

පසුගිය කාලයේ රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තිබ්බා වගේ අපි වෙඩි තියන්නෙ නෑ. තෙල් සහනාධාරය ඉල්ලනකොට මිනී මරන්නේ නෑ, කටුනායක අර්ථසාධක අරමුදලට පොදු ජනතාව පාරට බහිනකොට එදා වගේ වෙඩි තැබීම් වෙන්න ආයෙත් ඉඩතියන්නේ නෑ. අපි මේ රටේ යොවුන් පරපුර සහ කාන්තා පරපුර රකිනවා.

මා ජනාධිපති වූ පසු ලංකාවේ බිහිවන්නේ පොදු ජනතාවට විශාල සංවර්ධනයක් ගෙනදෙන යුගයක්. ඒ වගේම රට අතිවිශාල සංවර්ධන විප්ලවයකට ගෙනයන යුගයක්. අපි මේ රටේ පළමු වතාවට රටේම ගොවි ජනතාවට පොහොර සහනාධාරය නොමිලේ ලබාදෙනවා. හක්මන ප්‍රදේශයේ කුරුදු වගාකරුවන් ප්‍රශ්න රැසක් නිර්මාණය වී තිබෙනවා. සුළු අපනයන බෝග වගාකරන ජනතාවට උසස් මිලක් ලබාදීම ට වෙනමම දෙපාර්තමේන්තුවක් පිහිටුවා සුළු අපනයනය නිෂ්පාදන අධිකාරියක් පිහිටුවා ගොවියන් රැකදෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත සියල්ලම දියුණු වුණේ නව තාක්ෂණ විප්ලවය තුලින්. අපේ රටෙත් නව තාක්ෂණ විප්ලවයක් නිර්මාණය කළ යුතුයි. දේශපාලන නොයෝජිතයින් පිළිබඳව ජනතාවගේ මතය එතරම් යහපත් නෑ. නොවැම්බර් 16 වැනිදායින් පසුව මේ ආකල්ප උඩු, යටිකුරු වෙනවා. මේ රටේ මහජන ජන්දයෙන් පත්වන සෑම දේශපාලන නියෝජිතයෙකුම පළමුව රට, පළමුව ජාතිය වෙනුවෙන් වැඩකරන නව ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ අපි ජනාධිපතිවරණයෙන් පසුව ආරම්භ කරනවා.

තමන්ගේ දේශපාලන ගමනේදී බඩ වඩාගන්නා උදවියව සම්පූර්ණයෙන්ම දේශපාලන ක්ෂෙත්‍රයෙන් ඉවත් කරනවා. රටේ දේශපාලන නියෝජිතයන් තමන්ට පහසුකම් ලබාගන්න ක්‍රියා කරනවා. නමුත් පුංචි ජනතාවට සහන ටික ලබාදෙන්නේ නැතිව ඔවුන්ට කියනවා පටි තදකරගන්න කියා. ඒ නිසා අපි ඇතිකරන නව ක්‍රමවේදය තුළ පාලකයෝයි දේශපාලන නියෝජිතයෝයි බදපටි තද කරගෙන ඔවුන්ව ජනතා සේවයේ යොදවා ඉතාමත් පරාර්ථකාමී දේශපාලන සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා. මේ වැඩපිළිවෙළ මුළු රටටම අලුත් අද්දැකීමක්.

රටේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට වෙන්කළ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අපි හැමෝගේම නතර කරනවා. ඒවායෙන් ඉතුරුවන මුදල් වලින් අපි මහජනතාවට සේවය කරනවා. මා ජනාධිපති ලෙස පත්වනවිට අනෙකුත් ජනාධිපතිවරුන් මෙන් මන්දිරවල වැජඹෙන්නට යන්නේ නෑ. අපි රටපුරා ගිහින් මේ රටේ ජනතාවගේ සුවදුක් විමසා වසරේ දින 365ම අපි පොදුජන සේවයේ යෙදෙනවා. ජනාධිපතිවරයාගේ වරප්‍රසාද සියල්ලම මම මේ රටේ ජනතාවට පරිත්‍යාග කරනවා. අපේ රටේ පුරුද්දක් තිබෙනවා ආණ්ඩු වෙනස්වන විට ඇමතිවරුන්ටයි ජනාධිපතිටයි ගේනවා අලුත් වාහන. මේ රටට අමුතුවෙන් වාහන අවශ්‍ය නෑ

නවීන ක්‍රමෝපායන් උපයෝගී කරගෙන කෘෂිකාර්මාන්තය අපි දියුණු කළ යුතුයි. කෘෂිකාර්මාන්තය හැමදාම පරණ ක්‍රමවේද මගින් ක්‍රියාත්මක කර රට දියුණු කළ නොහැකියි. අපි නව ක්‍රමවේද වලට යා යුතුයි.

සෘජු විදේශීය ආයෝජන සදහා අපි රතු පලසක් එළනවා. නගරයෙන් නගරයට කර්මාන්ශාලා ආරම්භ කරනවා. රාජ්‍ය සේවය නවීකරණය කර නව තාක්ෂණයෙන් ජවසම්පන්න රාජ්‍ය සේවාවක් නිර්මාණය කරනවා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජනාධිපතිවරයාව සෘජුව සම්බන්ධ විය හැකි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්ලයකම ජනාධිපති ලේකම් කාර්යලයක් ස්ථාපනය කරනවා. ඒ ජනාධිපති කාර්යාලය හරහා මේ රටේ පොදු ජනතාවගේ ප්‍රශ්නවලට පැය 24 පුරා සේවය ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා- 2015ට පෙර මේ රටේ තිබුණේ ඉතා මැර පාලනයක්. අපි ඒ පාලනය ඉවත්කර ජනතාවට නිදහසේ ජීවත්වේමෙ අයිතිය ගොඩනැගුවා. දකුණේ ජනතාව යලි කවදාවත් රාජපක්ෂවරුන්ට නැගිටින්න ඉඩතබන්නේ නෑ. ඔවුන් ජනතාවට සේවය කළේ නෑ. ඔවුන් සෑමදාම කළේ ඔවුන්ගේ පවුලේ සුඛ විහරණය පමණයි. පසුගිය රජය කාලයේ මාධ්‍යවේදීන් මරාදැමුවා. වත්මන් රජය මගින් කිසිදු මාධ්‍යවේදියෙකුට හිංසාවක් වුණේ නෑ, අපි රාජපක්ෂ පිලට මතක්කරනවා අපි පාරට බැස්සේ අසාධාරණයට විරුද්ධවයි. ඒ සටන කාටවත් නැවැත්විය නොහැකි බව .

විද්‍යා හා තාක්ෂණ පර්යේක්ෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා- අපි මේ වන විටත් සමීක්ෂණ අනුව ඉදිරියෙන් සිටිනවා. විපක්ෂයේ කණ්ඩායම මේ වනවිට බයවී තිබෙනවා එක්සත් ජාතික පෙරමුණේ ජන රැල්ල දැකලා.

සජිත් ප්‍රේමදාස මහතාට මිනීමැරුම් චෝදනා, වංචා චෝදනා නෑ. එතුමා සියයට සියයක් ලංකාවේ පුරවැසියෙක්.

මෙම අවස්ථාව සදහා මැති ඇමතිවරුන් වන කඹුරුපිටිය ආසන සංවිධායක චන්දන ප්‍රියන්ත, මංගල සමරවීර, බුද්ධික පතිරණ, සුජීව සේනසිංහ, මර්වින් සිල්වා, හක්මන ආසන සංවිධායක රංජිත් මුණසිංහ ඇතුළු දකුණු පළාත් සභාවේ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

අසේල ලියනගේ දෙයියන්දර සමූහ උෟරුබොක්ක සමූහ තිහගොඩ විශේෂ
ජායාරූප – හිරන්ත ගුණතිලක

***************

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට අත තියන්න විදේශ බලවේගවලට ඉඩ දෙන්නේ නෑ

අමෙරිකාවේත් පුරවැසියකු වන ගෝඨාභය විදේශ බලපෑම්වලට යටත් වුණාට මම යටත් නෑ

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

විදේශීය බලවේග වලට බයවී රටේ ආරක්ෂාව ගැන කිසිම තීන්දුවක් ගන්නේත් නෑ. රටේ වත්මන් යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා වීරෝදාර රණවිරුවාට අත තබන්න විදේශික බලවේගවලට කිසිම ඉඩක් දෙන්නේත් නෑ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල නගරයේ පැවති ජන හමුවට පෙරේදා (26)එක්වෙමිනි. එක්සත් ජනතා නිදහස් සංධානයේ නිවිතිගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී දිලිප් රාජපක්ෂ මහතා, කහවත්ත ප්‍රාදේශීය සභා අපේක්ෂිකා විරකොන් මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් තනූජ් ගමගේ මහතා ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජනහමුවට එක්ව සිටියහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

“සජිත් ආවත්, ගෝඨා ආවත් වත්මන් යුද හමුදාපති ඉවත් කළ යුතු බවට විදේශ රටකින් සිදුකළ ප්‍රකාශයක් පුවත්පත් වල අද පළවෙලා තියෙනවා. චෝදනා කරන රටේ පුරවැසිභාවය තිබෙන පුද්ගලයන්ට ඔය බලපෑම් කරන්න පුළුවන්. මාතෘ භූමියේ සුපිරිසිදු පුරවැසිභාවයක් තිබෙන ශ්‍රී ලාංකිකයකු වන මට බලපෑම් කරන්න ඔවුන්ට බැහැ. දෙපැත්තේ කකුල් තබාගෙන සිටින ද්විත්ව පුරවැසිභාවයක් මට නැහැ.

අසේල ලියනගේ

(Visited 20 times, 1 visits today)

Related posts

Leave a Comment